ජෝර්දානයේ අම්මාන් නගරයේ පුද්ගලික රෝහලක දී සිසේරියන් සැත්කකට ලක්වූ 36 හැවිරිදි හුනාම් මොහොමඩ් අබ්දුල් කරීම් නම් කාන්තාවගේ උදර කුහරයේ සැත්කම කළ වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය තිබී හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 24 වැනි දින සැත්කම සිදුකැර ඇත.

කිලෝ ග්‍රෑම් 4.8ක් බරැති දරුවකු ඇය බිහිකළාය. සැත්කමෙන් පසු පූර්ණ සුවය ලැබූ ඇය සාමාන්‍ය පරිදි දරුවාද සමග රෝහලෙන් බැහැරව ගියාය. ඉන් දින කිහිපයකට පසු යට බඩේ ඇතිවූ තද වේදනාවක් හේතුවෙන් ඇය යළි රෝහල්ගත වූවාය. බඩේ ඇති වේදනාව සොයාගැනීමට කරණ ලද ස්කෑන් පරීක්ෂණයකින් ඇගේ උදර කුහරයේ ආගන්තුක යමක් ඇති බව සොයා ගැණිනි.

පසුව නැවත සැත්කමකින් උදරය විවෘත කළ විට පෙනී ගියේ උදරයේ ජංගම දුරකථනයක් තිබෙන බවයි. එය ඉවත් කැරිණි. ජෝර්දාන පාර්ලිමේන්තුවේ දී පවා විවාදයට ලක්වූ මේ කරුණේ දී රජය ඉල්ලා අස්විය යුතුයැයි ද විපක්ෂය පවසයි. ජෝර්දාන සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ මේ චෝදනාව අසත්‍ය බවයි. අභූත කතාවක් වූ ඒ ගැන වැඩිදුර සොයා බලන බව ද එරට සෞඛ්‍ය අංශ විදෙස් මාධ්‍යයට පවසා තිබිණි.

මෙය අතපසුවීමකින් සිදුවූවන්නට ඇතැයි රෝහල් ආරංචි පවසයි.