නින්දෙන් ගෙරවීම නවත්වාගැනීමට ඔහුටම සැත්කමක් කරවා ගත් ශල්‍ය වෛද්‍යවරයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.
අවුරුදු ගණනාවක් තිස්සේ නින්දෙන් ගෙරවීම නිසා පීඩා විඳ ඇති වෛද්‍ය සැන්ග් සියැන්ග්මින්ග් මෙසේ තම අතින් තමන්ටම සැත්කමක් සිදු කැරගෙන ඇත.
නින්දෙන් ගෙරවීමට හේතුවන්නේ තම දිව පහළට තල්ලූවී ස්වාස නාළය අවහිර වීම යැයි සොයාගෙන ඇති ඔහු කැර ඇත්තේ සැත්කමක් ආධාරයෙන් දිව හරහා යන සේ කුඩා බට දෙකක් සවිකිරීමයි.
රාත්‍රී කාලයේදී මෙම බට දෙක අල්ලා නූලක් ගැටගසන ඔහු නූලේ අනෙක් කෙළවර දත් වල ගැටගසයි. දැන් දිව පහළට තල්ලූ වීමක් සිදු නොවේ.
ඉතා සරල සැත්කමක් වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව වෛද්‍ය සැන්ග් කියයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොස්තර ඉබේම සැත්කම කර ගනී
කින් බෙනට් Thursday, 02 October 2014 02:20 PM
ඔය දොස්තර මහත්තයා දැන් ඔහොම කිවුවට ඔතන වෙන රහසක් තියෙනවා ඇති. මම නම් හිතන්නේ ඔහු මේක කරගන්න ඇත්තේ බිරිඳගේ හෝ පෙම්වතියගේ උවමනාවට (නි)
ගුණවතී Tuesday, 30 September 2014 07:26 AM
දිව හපාගෙන නිදා ගත්තනම් ඉවරනේ (දී)
රුපවති Tuesday, 30 September 2014 08:50 AM
මෙයාට කියල බැරිවෙයිද? මගේ මහත්තයටත් ඔපරේෂන් එකක් කරගන්න. අනේ කොපමණ ආදරේ උනත් රැට මගේ කන ලග පත්තුවෙන ජේනරෙටරේ නම් මට ඔෆ් කරගන්න ඕනේ ..! (දී)
වරුණ Tuesday, 30 September 2014 03:30 PM
සල්ලි යන්නෙත් නැහැනේ (දී)
කැලුම් Wednesday, 01 October 2014 03:28 PM
නුවන්, ඔයා හරි (නි)
නුවන් Tuesday, 30 September 2014 04:29 PM
කව්රු හරි මට කියනවද "ඉබේම " කියන වචනේ හරි පැහැදිලි කිරීමක් . ඉබේම වචනේ ඉංග්‍රීසි වචනය වෙන්නේ "ඔටෝමැටිකලි " කියන එක .ඒ කියන්නේ කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව යන්න කියන එක . එතකොට මෙතනට ඒක ගැලපෙනවද ?.මෙතනට වඩා ගැලපෙන්නේ "තමන් විසින්ම" කියන එක නේද ?. හැබැයි මම මිනිස්සු "ඔටෝමැටිකලි " කියන එකට ඉබේම කියන වචනය යොදනවා මීට කලිනුත් දැකල තියනවා. (දී)
මදුමල් Wednesday, 01 October 2014 11:00 PM
මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
සරා Tuesday, 30 September 2014 12:00 PM
අනේ රුපවතියෝ (දී)
හේමන්ත Wednesday, 01 October 2014 11:27 AM
මේක නම් ප්‍රාතිහාර්යයක් (නි)
රවී - ඕමාන් Tuesday, 30 September 2014 06:57 AM
මාර දොස්තර මහත්තයෙක්නේ... දිවට අමාරුවක් නැද්ද දන්නේ නෑ නේද.... (දී)