ඕස්ට්‍රේලියාවේ ආධුනික ශල්‍ය වෛද්‍යවරයෙකු මිනිසෙකුගේ වම් වෘෂණ කෝෂය අනවසරයෙන් ඉවත් කිරීමට වැරදිකරු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇලියන් මැතිව්ස් (56) නම් එම වෛද්‍යවරයා අධිකරණයේදී වරද පිළිගෙන ඇති අතර රෝගියාගේ කැමැත්ත හෝ අවසරයකින් තොරව එම පටක ඉවත් කල බව ඔහු පිළිගෙන තිබේ.
එම ශල්‍යකර්මයෙන් පසු අසාදනය වූ රෝගියාගේ(52) වෘෂණ කෝෂයේ තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගත වී ඇති අතර ඉන් අනතුරුව මේ බව පොලිසිය දැනගත් බව බලධාරීහු පවසති.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹු පොලිසිය මැතිව්ස්ගේ නිවස වැටලීමෙන් අනතුරුව ශල්‍ය උපකරණ කිහිපයක් සහ ඇමිල් නයිට්‍රේට් යැයි සැක කෙරෙන බෝතල් කිහිපයක් ද සොයා ගත්තේය. එම ශල්‍යකර්මයෙන් පසු පිඩාවට පත් රෝගියා වෛද්‍ය උපදෙස් පතා අන්තර්ජාලයේ දැන්වීමක්ද පල කර තිබිණි.
එවන් ශල්‍යකර්මයක් කිරීමට තරම් වෘත්තිමය සුදුසුකමක් ඔහුට නොමැති බව හා ඒ සදහා ලියාපදිංචි වී හෝ අවසරයක් ඔහුට තිබී නැතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දොස්තර මහතුන්ට වැඩ වර්ජනයකට හොඳ අවස්ථාවක්. (ර)
අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන ලක්ෂ දහයේ විස්සේ මාසික පඩියට ඕස්ට්‍රේලියාවේ වැඩ කරන අපේ දොස්තර මහත්තයෙකුට මේක වුණා නම් මම මේ ගැන වැඩිය හිතන්න යන්නේ නැහැ (නි)
ලංකාවෙන් ගිය කෙනෙක්දෝ කියල හිතෙනවා. මෙහෙ අය ලොකු ලොකු අයගේ උවමනා වලට ඔය වගේ වැඩ කරනවනේ (නි)
කොහොමද මේක අනවසරෙන් කෙරුවේ? (ර)
ලංකාවේ දොස්තර කෙනෙක් නම් ලෙඩාගෙන් අහයි මමද දොස්තර නැත්නම් තමුසේද දොස්තර කියලා? ඉතින් කට වහගෙන තමා ඉන්න වෙන්නේ සල්ලිත් දීලා (නි)
දැන් මෙයා මුළු ජිවිත කාලයටම දොස්තර රැකියාව කරලා හමාරයි. ලංකාවේදී නම් මුලින් ස්ථාන මාරුවක්. ඊටපස්සේ නැවත සුපුරුදු පරිදි වැඩ. බැරිවෙලාවත් අහම්බෙන් මෙන් නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත්, ඊට විරුද්ධව වැඩ වර්ජනයක් (නි)
අනේ හැබෑට බලන්නකෝ ඒකෙත් හැටි (නි)
මේක හිතාමතාම කරපු දෙයක්ද.? (ර)