
උතුරු කොරියන් සොල්දාදුවන් පිරිසක්, දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවින්, ඔවුන්ට අනතුරු අඟවමින් වෙඩි තැබීමට පියවර ගත් බව දකුණු කොරියානු හමුදාව පවසයි.
උතුරු කොරියානු සොල්දාදුවන් දස දෙනකු පමණ මෙසේ දේශසීමා උල්ලංඝනය කළ බවත්, එම පිරිසට අනතුරු අඟවමින් වෙඩි තැබීමට සිදුවුණු බවත්, කොරියානු හමුදාව වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ගතවුණු මාස 10 ක කාලයේ උතුරු සහ දකුණු කොරියාව අතරේ දේශසීමා සම්බන්ධයෙන් අවි ගැටුමක් හටගත් දෙවැනි අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd