
ජනාධිපති ධුර කාලය මෙම වසරේ අවසන් වීමෙන් පසු තමන් තවදුරටත් දේශපාලනයේ රැඳීමට උත්සාහ නොගන්නා බවත් දේශපාලනයෙන් විශ්‍රාම යෑමට තීරණය කළ බවත් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසා ඇත.
ජනාධිපති ඩුටර්ටේ මෙසේ පැවැසුවේ, දිර්ඝ කාලයක් තිස්සේ ඔහුගේ සහායකයා මෙන්ම සෙනෙට් සභිකයකු ද වන බොන්ග් මෝ සමඟ එක්වී මාධ්‍ය හමුවක් පවත්වමිනි. පිලිපීන ව්‍යවස්ථාවට අනුව, වසර 6 ක ධුර කාලය අවසන් වීමෙන් පසු ඩුටර්ටේට තවත් ජනාධිපති ධුරයක් සඳහා අවස්ථාව හිමිවන්නේ නැත.
කෙසේ නමුත්, මීට පෙර අවස්ථා කීපයකදී 76 හැවිරිදි ඩුටර්ටේ කියා සිටියේ තමන් උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට අපේක්ෂා කරන බවය. කෙසේ නමුත්, මේ වනවිට ඩුටර්ටේ එම තීරණය ද වෙනස් කර ඇති අතර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර අවසන් යැයි පිලිපීන මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.
උප ජනාධිපති ධුරය වෙනුවෙන් තමන් තරඟ කරන බවත්, ඩුටර්ටේගේ සහාය තමන්ට ලැබෙනු ඇති බවත් සෙනෙට් සභික බොන්ග් මෝ එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය. උප ජනාධිපති ධුරය සඳහා තමන් තම නාමයෝජනා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති බව ද බොන්ග් මෝ වැඩි දුරටත් පැවැසීය.
ඩුටර්ටේගේ දියණිය සාරා ඩුටර්ටේගේ කාර්පියෝ ද දේශපාලනයට පිවිස සිටින්නීය. ඩුටර්ටේ උත්සාහ ගන්නේ තමාගෙන් පසු තම දියණිය ජනාධිපති ධුරයට පත් කිරීමට යැයි ද රාවයක් පවතී. රොඩ්රිගෝ ඩුටර්ටේ පිලිපීන ජනාධිපති ධුරයට පත් වූයේ ඩාවෝස් නුවර නගරාධිපති ලෙස රාජකාරි කිරීමෙන් පසුවය.
මේ වනවිට ඩාවෝස් නගරාධිපති ධුරය හොබවන්නේ දියණිය 31 හැවිරිදි සාරා ඩුටර්ටේගේ කාර්පියෝ ය. ඉදිරි සතිය ඇතුළත සාරා ඩුටර්ටේගේ කාර්පියෝ ජනාධිපති ධුර අපේක්ෂිකාවක ලෙස ඇගේ නාම යෝජනා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරනු ඇතැයි පිලිපීන දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශපාලනයෙන් විශ්‍රාම යනවා - පිලිපීන ජනපති ඩුටර්ටේ