ක්වාලාලම්පූර්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
මෛථුන්‍යය චෝදනාවලට වරදකරු වූ සිර දඬුවම් විඳිමින් සිටි මැලේසියාවේ විපක්ෂ නායකයකු වන අන්වර් ඊබ්‍රහීම් අද (16) රාජ නිදහස ලැබීය.
මැලේසියානු මහ මැතිවරණයෙන් මහතීර් මොහොමද් සහ අන්වර් ඊබ්‍රහීම් නායකත්වය දුන් පක්ෂ හතරකින් සමන්විත ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂය ජයගැනීමත් ලබාගැනීමත් සමඟ අන්වර්ට රජුගෙන් නිදහස ලබාගැනීමට කටයුතු කරන බව මහතීර් මොහොමද් ප්‍රකාශ කළේය.
මැතිවණයෙන් පකතාන් හරපාන් සන්ධාන පක්ෂය ජයගත් අතර මහතීර් මොහොමද් ප්‍රජතාන්ත්‍රවාදීව තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
අන්වර් ඊබ්‍රහීම්ට අගමැතිධුරය බාර දී තමන් විශ්‍රාම ගන්නා බව මහතීර් මොහොමද් මුලින් ප්‍රකාශ කළද තමන් අවුරුද්දක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව මහතීර් මොහොමද් ඊයේ (15) ප්‍රකාශ කළේය.
උරහිසේ කරන ශල්‍යකර්මයක් හේතුවෙන් අන්වර් ඊබ්‍රහීම් මාස තුනකට ආසන්න කාලයක් පොලිස් ආරකක්ෂාව යටතේ රෝහල් ගත වී සිටි අතර මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහම්මද් රජු නිදහස ලබා දීමත් සමඟ හෙතෙම රෝහලෙන් පිටවී ගියේය.
(055)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd