IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


දේශපාලන අර්බුදය විසඳා ගන්නැයි ගුටරෙස් වෙනිසියුලාවෙන් ඉල්ලයි

දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (24) වෙනිසියුලාවෙන් ඉල්ලා සිටියේය. 
 
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය. 
 
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගු-වයිඩෝ මහතා තමන් එරට අන්තර්කාලීන ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ.
 
එම දේශපාලන අර්බුදය පාලනය කළ නොහැකි තත්ත්වයක් බවට පත්වීමට පෙර සාකච්ඡා හා සංවාද පවත්වා අර්බුදය විසඳා ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එරට සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියේය. 
 
“සියලුම පාර්ශවවලට සංවාදයක් පැවැත්වීමට හැකියාවක් තිබෙනවා. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය ව්‍යවසනයක් වීමට පෙර එය නැවැත්විය යුතුයි. මේ අර්බුදය ඔඩු දිවීමට ඉඩ නොදිය යුතු” යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කීවේය. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි  
 
 055


 



අදහස් (1)

දේශපාලන අර්බුදය විසඳා ගන්නැයි ගුටරෙස් වෙනිසියුලාවෙන් ඉල්ලයි

anura Thursday, 24 January 2019 01:55 PM

ඔයාගේ සංවිධානයේ මූලස්ථානය තියෙන රට ඇති කරන යටිකූට්ටු වැඩ නිසයි ඔය කෝලාහල ඇතිවන්නේ... මෙහෙත් ඒ වගේ මෙහෙයුමක් පහු ගිය කාලයේ තිබුණා. එතකොටත් ඔයා මෙහාට අතදාන්න බැලුවා. ඒක නිසා කොන්දක් තියෙනවා නම් ඕවා ඇති කරන ප්‍රධාන රටට කියන්න ඔය අවවාද...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 630 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site