දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (24) වෙනිසියුලාවෙන් ඉල්ලා සිටියේය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගු-වයිඩෝ මහතා තමන් එරට අන්තර්කාලීන ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ.
එම දේශපාලන අර්බුදය පාලනය කළ නොහැකි තත්ත්වයක් බවට පත්වීමට පෙර සාකච්ඡා හා සංවාද පවත්වා අර්බුදය විසඳා ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එරට සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියේය.
“සියලුම පාර්ශවවලට සංවාදයක් පැවැත්වීමට හැකියාවක් තිබෙනවා. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය ව්‍යවසනයක් වීමට පෙර එය නැවැත්විය යුතුයි. මේ අර්බුදය ඔඩු දිවීමට ඉඩ නොදිය යුතු” යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කීවේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ සංවිධානයේ මූලස්ථානය තියෙන රට ඇති කරන යටිකූට්ටු වැඩ නිසයි ඔය කෝලාහල ඇතිවන්නේ... මෙහෙත් ඒ වගේ මෙහෙයුමක් පහු ගිය කාලයේ තිබුණා. එතකොටත් ඔයා මෙහාට අතදාන්න බැලුවා. ඒක නිසා කොන්දක් තියෙනවා නම් ඕවා ඇති කරන ප්‍රධාන රටට කියන්න ඔය අවවාද...