IMG-LOGO

දේශගුණික සමුළුවේදී බයිඩන් නිදි කිරයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුව සහභාගී වී, රාජ්‍ය නායකයන්ගේ දේශන අසා සිටිද්දී, ජනාධිපති බයිඩන් නිදි කිරා වැටෙන අයුරු ද ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව ප්‍රසිද්ධියට පත් කර ඇත.

පසුගිය පළමු වැනිදා ආරම්භ වුණු 'කොප්26' සමුළුව ලබන නොවැම්බර් 14 වැනිදා තෙක් පැවැත්වෙයි. රාජ්‍ය නායකයන් වෙනුවෙන් සමුළුවේ පළමු දින දෙක වෙන් වී තිබුණි.

ජනාධිපති බයිඩන් 'කොප්26' (COP26) සමුළුව ඇමැතුවේ ඊයේ (2) ය.

සමුළුව අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගුවේය. ඒ, ඔවුන් දෙදෙනා සමුළුවට සහභාගී නොවීම සම්බන්ධයෙනි. එක්සත් ජාතීන්ගේ 'කොප්26' සමුළුව පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරය. සමුළුවට රාජ්‍ය නායකයන් 120 දෙනකු සහභාගී වන නමුත්, චීන ජනාධිපතිවරයා හෝ රුසියන් ජනාධිපතිවරයා ඊට සහභාගී වන්නේ නැත.

එසේ වුවත් චීනය සහ රුසියාව නියෝජනය කරමින් නියෝජිතයෝ සමුළුවට සහභාගී වෙති.

''මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා සමුළුවක් ලෙස මා 'කොප්26' සමුළුව දකිනවා. මිහිකත උණුසුම්වීම අවම කර ගැනීමට ලොව අප කවුරුත් එකමුතු වී තීරණ ගැනීම කළ යුතුයි. ඒත් චීන ජනාධිපති ෂී ජින්පින් හෝ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ සමුළුවට සහභාගී වී නැහැ. ඔවුන් සමුළුව මඟ හැරියා. ඔවුන් සමුළුව ගැන උනන්දුවක් නොදක්වනවා යැයි මට හිතෙනවා'' යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් දොස් නගමින් පැවැසුවේය.

(සී.එන්.එන්.)



අදහස් (2)

දේශගුණික සමුළුවේදී බයිඩන් නිදි කිරයි

fairoos Wednesday, 03 November 2021 06:20 PM

නන්දසේනගේ කතාව අහලා වෙන්නැති...

:       7       9

amila Thursday, 04 November 2021 08:06 AM

නිදි නෙවෙයි, භාවනාවෙන් සවන්දීම කියලා ඒ ඉරියව්වට කියන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site