
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුව සහභාගී වී, රාජ්‍ය නායකයන්ගේ දේශන අසා සිටිද්දී, ජනාධිපති බයිඩන් නිදි කිරා වැටෙන අයුරු ද ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව ප්‍රසිද්ධියට පත් කර ඇත.
පසුගිය පළමු වැනිදා ආරම්භ වුණු 'කොප්26' සමුළුව ලබන නොවැම්බර් 14 වැනිදා තෙක් පැවැත්වෙයි. රාජ්‍ය නායකයන් වෙනුවෙන් සමුළුවේ පළමු දින දෙක වෙන් වී තිබුණි.
ජනාධිපති බයිඩන් 'කොප්26' (COP26) සමුළුව ඇමැතුවේ ඊයේ (2) ය.
සමුළුව අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගුවේය. ඒ, ඔවුන් දෙදෙනා සමුළුවට සහභාගී නොවීම සම්බන්ධයෙනි. එක්සත් ජාතීන්ගේ 'කොප්26' සමුළුව පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරය. සමුළුවට රාජ්‍ය නායකයන් 120 දෙනකු සහභාගී වන නමුත්, චීන ජනාධිපතිවරයා හෝ රුසියන් ජනාධිපතිවරයා ඊට සහභාගී වන්නේ නැත.
එසේ වුවත් චීනය සහ රුසියාව නියෝජනය කරමින් නියෝජිතයෝ සමුළුවට සහභාගී වෙති.
''මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා සමුළුවක් ලෙස මා 'කොප්26' සමුළුව දකිනවා. මිහිකත උණුසුම්වීම අවම කර ගැනීමට ලොව අප කවුරුත් එකමුතු වී තීරණ ගැනීම කළ යුතුයි. ඒත් චීන ජනාධිපති ෂී ජින්පින් හෝ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ සමුළුවට සහභාගී වී නැහැ. ඔවුන් සමුළුව මඟ හැරියා. ඔවුන් සමුළුව ගැන උනන්දුවක් නොදක්වනවා යැයි මට හිතෙනවා'' යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් දොස් නගමින් පැවැසුවේය.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේනගේ කතාව අහලා වෙන්නැති...
නිදි නෙවෙයි, භාවනාවෙන් සවන්දීම කියලා ඒ ඉරියව්වට කියන්නේ.