
දේශගුණික විපර්යාස පිටුදැකීමට, තමන් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය කැප වී කටයුතු කරන බවත්, දේශගුණික විපර්යාස පිටුදැකීම වෙනුවෙන් පිහිටුවා ඇති පදනමට පවුම් බිලියන 1.6 ක් ලබා දීමට තීරණය කළ බවත් බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මේ බව පැවැසුවේ ඊජිප්තුවේ රතු මුහුද ආශ්‍රිතව පිහිටි ෂාම් එල් ෂෙයික් නිවාඩු නිකේතනයේ පැවැත්වෙන ‘කොප් 27’ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුවට සහභාගී වෙමිනි.
අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනාක් ගෝලීය මට්මෙන් ගත් වැදගත් තීරණයක් ලෙස මෙය සැලකෙයි. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු රිෂී සුනාක් සහභාගීවන පළමු ජාත්‍යන්තර සමුළුව ලෙස සැලකෙන්නේ මෙයයි.
සමුළුවට සහභාගී වුණු විදෙස් නායකයන් හමුවීමට ද අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ට අවස්ථාව උදා විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd