
එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (කොප් 27) ඊජිප්තුවේ රතු මුහුද අසල පිහිටි ෂාම් එල් ෂෙයික් නුවර දී ආරම්භ විය. අද (6) ආරම්භ වුණු සමුළුව, ලබන 18 තෙක් පැවැත්වෙයි.
මෙය 27 වැනි ‘කොප්’ සමුළුවය. ලෝක නායකයන්ථ රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන්, විද්වතුන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම සමුළුවට සහභාගී වීම සඳහා ෂාම් එල් ෂෙයික් නුවරට පැමිණ සිටිති.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ අරමුණ ඇතිව, වාර්ෂිකව, ‘කොප්’ සමුළුව පැවැත්වෙයි.
සමුළුව ආමන්ත්‍රණය කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පෙන්වා දුන්නේ 2015 වසරේ සිට පසුගිය වසර 8 ක කාලය පෘථිවියේ වැඩිම උෂ්ණත්ව වාර්තා වුණු බවත්, පෘථිවිය විනාශය අද්දරට පැමිණ ඇති බවත්ය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd