රටේ පවතින දේශගුණික විපර්යාසයට විසඳුමක් නොගැනීමට විරෝධය පලකරමින් දහස් ගණනක් ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක නිරත වෙති.

ඕස්ට්‍රේලියානු රජය මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගැනීම මඟහැර ඇති බැවින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර උද්ඝෝෂණයේ නිරතවීම ගැන ඕස්ට්‍රේලියන් අගමැති ස්කොට් මොරිසන් ශිෂ්‍යන්ට චෝදනා කළේය. 

දේශපාලකයින් ගන්නා තීරණ වල ප්‍රතිවිපාක නිසා අපි අද දිනයේ පීඩාවට පත්වෙමින් සිටින බව බීබීසී වෙත අදහස් දක්වමින් උද්ඝෝෂකයෙක් පැවසුවේය‍.

පැරිස් දේශගුණික ගිවිසුම යටතේ වායු දූෂණය අඩු කිරීමට ඕස්ට්‍රේලියාව කැපවී ඇති බව ඕස්ට්‍රේලියන් රජය පැවසුවේය.

ඕස්ට්‍රේලියා රජය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔහුගේ අදහස් දැක්වීම් ශක්තිමත් කළ බව උද්ඝෝෂකයෝ පැවසූහ.

අපිට අවශ්‍ය ඉගෙනීම සඳහා වැඩි අවදානයක් යොමුකළ ශිෂ්‍ය පරම්පරාවක් බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ඕස්ට්‍රේලියානු සම්පත් අමාත්‍යවරයාද ශිෂ්‍යන් පාසලෙන් ඉවත්ව මෙසේ විරෝධය දැක්වීම විවේචනය කර ඇත.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවට නිතර විවිධ ස්වාභාවික ව්‍යසනවලින් වලට මුහුණ දෙයි.

බීබීසී ඇසුරෙනි 

(63226)