IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


දේශගුණික ක්‍රියාකාරීහු 135ක් ලන්ඩන් නුවරදී අත්අඩංගුවට

දේශගුණික විපර්යාසවලට එරෙහිව විරෝධතාවයේ යෙදුණු 135 දෙනෙකු ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

බදු ගෙවීම් පැහැරහරිමින් සාමකාමීව වර්ජනයේ යෙදීමට සැලසුම් කර තිබුණත් ඇතැම් අය සිදුකළ කලහකාරී ක්‍රියා හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවූ බවද ඔවුහු පවසති.

විශාල පිරිසක් විරෝධතාවයට සහභාගී වීම හේතුවෙන් වෙස්මිනිස්ටර්හි කාර්යබහුල වීදි අවහිර වී තිබූ බව පොලිසිය පවසයි.

සති දෙකක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා සඳහා 10,000ක පමණ පිරිසක් ලන්ඩන් නුවරට පැමිණෙනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තුව සිටිති. ලොව පුරා රටවල් ගණනාවක් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පවත්වන මෙම විරෝධතාවයන්ට සහාය දක්වයි.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව රජය අනුගමනය කරන මන්දගාමී පිළිවෙත හේතුවෙන් මෙලෙස විරෝධය පළ කරන බව විරෝධතාකරුවෝ පවසති.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

දේශගුණික ක්‍රියාකාරීහු 135ක් ලන්ඩන් නුවරදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1074 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site