හොඳම දවල් හීන දකින්නාට ඇපල් සමාගමේ අලූත්ම නිෂ්පාදනය වන ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අපූරු තරඟයක් පසුගියදා චීනයේ පැවැත්විණි.
චීනයේ ටයුවාන්හි වෙළද සංකීර්ණයක පැවති මෙම තරගයට 500 කට අධික පිරිසක් සහභාගීව සිටි අතර ඔවුන් හමුවේ තිබූ අභියෝගය වූයේ දෑස් විවර කරගෙන හැකිතාක් කාලයක් මුහුණේ ඉරියව් වෙනස් නොකර ධ්‍යානයකට සමවැද සිටින අයුරින් සිටීමයි.
තරගකරුවන්ගේ දැහැන බිඳීමට තරග සංවිධායකයෝ නොයෙකුත් විගඩම් කළෝය.ඔවුහු තරගකරුවන් ඉදිරිපස සිට නැටූහ. විසිළු මුහුණු පෙන්වූහ. ඒ හමුවේ තරගකරුවන් බොහෝ දෙනෙකුගේ අවධානය බිදී ගියේය.
අවසානයේ තරගය ජයග‍්‍රහණය කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ඇය පැය 2 කට අධික කාලයක් නොසැලී, පිළිමයක් සේම සිටියාය.
තරග සංවිධායකයින් පසුව අදහස් පළකරමින් සදහන් කළේ මෙය හුදෙක් ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අරමුණින් නොව ඉතාම කාර්යබහුල දිවිපෙවෙතක් ගතකරන චීනය ජනයාගේ මානසික ආතතිය යම්තාක් දුරට හෝ අඩු කිරීමට ගත් උත්සාහයක් බවය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දවල් හීනයට ඇපල් අත් ඔරලෝසුවක්
ජයලත් Tuesday, 28 April 2015 03:57 PM
මේක කොහොම උනත් දවල් හීන දැකීමේ භාග්‍යය නම් අපේ රටේ සමස්ථ ජනතාවටම දෙන්න ඕන මොකද අපි ඔක්කොම තාමත් දවල් හීන දකිනවා දියසේන කුමාරය එනකම් නමුත් තාමත් පේනතෙක් මානෙකවත් නැහැ එන හැමෝම කලින් හිටිය අයගේ කාබන් කොපි නම විතරයි වෙනස් (බ)
ඇල්ලේ කුඩාබණ්ඩා Tuesday, 05 May 2015 10:47 PM
පිවිතුරු යහපාලටත් කොහොමහරි එකක් හොයලා දෙන්න ඕනෑ.මොකද තාමත් දකින්නේ දවල් සිහින. (නි)
ජගත් Wednesday, 29 April 2015 02:47 PM
දියසේන කුමාරයා ජන්දෙන් පැරදිලා දියවෙලා ගියබව දන්නේ නැද්ද? (ම)
දුමින්ද Tuesday, 28 April 2015 09:23 AM
ගැහුණු හිතේ ඇති දේ මුහුණෙන් නොපෙන්වනවා.(හේ)