දෙදෙනාම සත්ත්ව ලෝකයේ දැවැන්තයෝය. තම පැටියාට අනතුරක් වේයැයි සිතූ රයිනෝ මව දැවැන්ත හස්ථියකු සමග පොරබදන්නේ තම දිවි පරදුවට තබමිනි. දැවැන්තයන් දෙදෙනාගේ සටන අවසන් වන්නේ රයිනෝ මව බිම ඇද වැටීමෙනි. රයිනෝ පරාජයට පත්වූ පසු අලියා ඉවත්ව ගියේය. තම මව සටන් කරන අයුරු විස්මිතව බලා සිටි රයිනෝ පැටවා මොහොතකින් මව අසළට පැමිණ ඇය අසළ දැවටෙන්නට විය. කෙඳිරිලි හඬ නගමින් දඟලමින් සිටි රයිනෝ මව පැය දෙකකට පමණ පසු නැගිට අපහසුවෙන් වනයට ගිය ද දින දෙකකට පමණ පසු ඇය මියගොස් සිටි බව දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා උද්‍යාන භාරකරු පවසයි. අලියාගේ ප්‍රහාරයෙන් ඇතිවූ තැලුම් තුවාල වලින් ම රයිනෝ මව මියයන්නට ඇතැයි ඔහුගේ අදහසයි.
හොඳින් වැඩුණු රයිනෝ මව හා මදකිපුණු දැවැන්ත හස්ථි රාජයාගේ ද්වන්ධ සටන ඡායාරූප ශිල්පියකුවන ලුයිස් කොක් සහ ඔහුගේ බිරිඳ මාර්තී විසින් ඡායාරූපයට නගා ඇත.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම සංවේදී සිද්ධි මිනිස් සමාජයේදීත් කොච්චර දකින්න පුලුවන්ද? (නි)
ෂහ් මම හිටියනම් බේරන්නවත් තිබුණ. (අ)
අයියෝ... පව් අහිංසක රයිනෝ. කැලේ දේවල් කියල මේවා දිහා බලාගෙන ෆොටෝ ගහපු එක හොදයි. ඒත් ඉතින් කොහොම බේරන්නද?. (නදී)
අනේ පව්! ඒ රයිනෝ අම්මාගේ ආත්මයට යහපතක්ම වේවා! මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
කොතන වුණත් නැත මරු හට බාධා.... (නි)
හරිම දුකයි අම්මා කෙනෙකුට සිදුවූ දේට (නි)
කොයි අපායෙත් කෙලිය ඔහොම තමා හයිය හත්තිය තියෙන එකා දිනුම් (නදී)
අම්මව දාල පැටිය යන හැටි දැක්කම කඳුළු එනවා. මොනවා කරන්නද , මේ තමයි ස්වභාව ධර්මය. (නදී)
අහිංසක සතුන්ට මෙහෙම දෙයක් උනාම දැනෙන දුක දරන්න අපහස්‍ුයි. (ස)
තිරිසන් අපාය අවබෝධ කර ගන්න මිතුරනේ...(දී)
කැලෑවට ආවේණික වූ "න්‍යාය" නැවත වරක් ක්‍රියාත්මක වූ මොහොතකි. (නි)
ලොකු සටනක් (දී)
කැලෑවට ආවේනික වූ "මත්ස්‍ය න්‍යායය" නැවත වරක් ක්‍රියාත්මක වූ මොහොතකි. (දී)
හැම අම්මා කෙනෙක්ම එහෙම තමා. එකනේ "අම්මා බුදු වේවා" කියන්නේ. තත්තා කෙනෙකුට එහෙම අහගන්න බෑනේ කවදාවත්ම. (දිල්)