ඇමෙරිකාවේ ඩකෝටා හී උද්ඝෝෂණයකට සම්බන්ධ වූ බව කියන 100 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශය හරහා නළ මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව මෙම විරෝධතාවය පැවැත්වෙයි.
පොලිසිය විරෝධතාකරුවන් පාලනය කිරිමට දැඩි පිළිවෙතක් අනුගමනය බව විරෝධතාකරුවෝ චෝදනා කරති.පොලිසිය උද්ඝෝෂණයට මැදිහත් වීමත් සමග විරෝධතාකරුවන් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවත් වෙඩි හුවමාරුවක් සිදුවූ බවත් වාර්තා වෙයි.
විරෝධතාකරුවන් ප්‍රචන්ඩ වීමත් සමග පිරිස් පාලනය සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් හා ගුවන් යානාවක් යොදා ගැනීණි.විරෝධතාකරුවන් පාලනය කිරීමට හමුදාවේ සහය ලබාගත් බව බලධාරීහු පවසති.ප්‍රදේශයේ හමුදා ට්‍රක් රථ සැරිසරන බව මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ඩොලර් බිලියන 3.7ක වටිනාකමින් යුත් එම නළ මාර්ගයට විරුද්ධව උද්ඝෝෂණ රැසක් පැවැත්විණි.විරෝධතාකරුවන් උතුරු ඩකෝටා හී ඉදිකිරීම සම්පූර්ණයෙන් නවතා දමා ඇතැයි එරට මාධ්‍ය පවසයි.
විරෝධතාවයේ සිටි එක් කාන්තාවක්ද පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඇතැයි පොලිසිය බවසයි.
(විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම්)
(විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් ටයර් ගිනි තබන අයුරු)
(ඡායාරූප-ඇසෝසියේටඩ් ප්‍රෙස්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපේ තත්වය වැඩි දියුණු කර ගනිමු. අපේ මානුෂික ක්‍රියාකාරකම් වල ගුණයක් ඇති කරගනිමු. නැවතත් යුද්දයක් නම් එපා. ඒගොල්ලෝ අපෙන් අහගෙන එයි සාමය ගැන. (අ)
ලංකාවේ දැවැන්ත උද්ඝෝෂණකාරයින්ගේ කොමිටියක් ඇමෙරිකාවට එවා සහෝදරත්වය පෙන්නුවොත් හොඳයි නේද? (නි)