දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන්වුණු බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් මොල්ටාවට නුදුරින් මුහුදු පත්ලේ තිබී සොයාගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.

අර්ජ් නම් මෙම සබ්මැරීනය 1942 වර්ෂයේ අප්‍රේල් 27දින කාර්යමණ්ඩලයේ  32 ක් නාවුක භටයන් 11ක් හා මාධ්‍යවේදියෙකු රැගෙන ගමන් ආරම්භ කර ඇති නමුත් නියමිත දිනයට ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත ලඟානොවූ බව සඳහන් වේ.

එහි ඉරණම මෙතෙක් අභිරහසක්ව පැවතිණ.

මෝල්ටා සරසවියේ මුහුදු පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් දශක දෙකක් පුරා සිදුකරල ලද ගවේශණයන්හි ප්‍රථිඵලයක් ලෙස සබ්මැරීනය සොයා ගැනීමට හැකිවී ඇත.

ගවේෂකයින් පවසන්නේ අධිබල පිපිරුමක් හේතුවෙන් සම්බැරීනය ක්ෂණිකව මුහුදේ ගිලීගොස් ඇති බවට සාක්ෂිලැබී ඇති බවයි.

ඒ නිසා කිසිවකුටත් දිවි බොරා ගැනීමට නොහැකි වන්නට ඇති බවද ඔවුහු පවසති.

සබ්මැරීනයේ ඉදිරිපස කොටසට සිදුවී ඇති හානි තක්සේරු කිරීමෙන් ඔවුන් මෙම නිගමන වලට එළඹ ඇත.

කෙසේවුවද නෞකාවේ ඉතිරි කොටස ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන බවත් එය සිරස්ව මුහුදු පත්ලේ රැඳී තිබෙන බවත් සඳහන් වේ.

අර්ජ් සබ්මැරීනය මධ්‍යධරණී මුහුදේ දි සතුරු නෞකා ගනනාවකට සාර්ථක ලෙස ප්‍රහාර එල්ලකර ඇතැයි පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)