IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන්වුණු සබ්මැරීනයක් සොයාගනී

දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන්වුණු බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් මොල්ටාවට නුදුරින් මුහුදු පත්ලේ තිබී සොයාගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.

අර්ජ් නම් මෙම සබ්මැරීනය 1942 වර්ෂයේ අප්‍රේල් 27දින කාර්යමණ්ඩලයේ  32 ක් නාවුක භටයන් 11ක් හා මාධ්‍යවේදියෙකු රැගෙන ගමන් ආරම්භ කර ඇති නමුත් නියමිත දිනයට ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත ලඟානොවූ බව සඳහන් වේ.

එහි ඉරණම මෙතෙක් අභිරහසක්ව පැවතිණ.

මෝල්ටා සරසවියේ මුහුදු පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් දශක දෙකක් පුරා සිදුකරල ලද ගවේශණයන්හි ප්‍රථිඵලයක් ලෙස සබ්මැරීනය සොයා ගැනීමට හැකිවී ඇත.

ගවේෂකයින් පවසන්නේ අධිබල පිපිරුමක් හේතුවෙන් සම්බැරීනය ක්ෂණිකව මුහුදේ ගිලීගොස් ඇති බවට සාක්ෂිලැබී ඇති බවයි.

ඒ නිසා කිසිවකුටත් දිවි බොරා ගැනීමට නොහැකි වන්නට ඇති බවද ඔවුහු පවසති.

සබ්මැරීනයේ ඉදිරිපස කොටසට සිදුවී ඇති හානි තක්සේරු කිරීමෙන් ඔවුන් මෙම නිගමන වලට එළඹ ඇත.

කෙසේවුවද නෞකාවේ ඉතිරි කොටස ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන බවත් එය සිරස්ව මුහුදු පත්ලේ රැඳී තිබෙන බවත් සඳහන් වේ.

අර්ජ් සබ්මැරීනය මධ්‍යධරණී මුහුදේ දි සතුරු නෞකා ගනනාවකට සාර්ථක ලෙස ප්‍රහාර එල්ලකර ඇතැයි පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන්වුණු සබ්මැරීනයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2448 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1767 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site