දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසි හමුදාව විසින් ගුවනින් හෙලන ලද පුපුරා නොගිය විශාල ෂෙල් බෝම්බයක් පැරීසියේ කලාප අංක 18හී ෆෝර්ට් ඩේ ලා චැපල් ප‍්‍රදේශයේදී හමු ව ඇත.
එම ප්‍රදේශයේ අලුතින් ඉදිකරන විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සඳහා කැනීම් සිදුවෙන ස්ථානයකදී මෙම බෝම්බය සොයාගෙන තිබේ.
අනතුරුව ප‍්‍රථමයෙන් යුද හමුදාවේ බෝම්බ නිශ්ක‍්‍රීය අංශය විසින් නිශ්ක‍්‍රීය විශේෂ ආරක්ෂාවක් යටතේ එම ස්ථානයෙන් ඉවත් කර ගත්තේය.
ඒ සඳහා වර්ග කිලෝ මීටරයක ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම අධි ආරක්ෂිත කළාපයක් බවට පත් කර යුද හමුදා රථ වලින් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ඉහත බෝම්බය පැරීසියෙන් පිටතට රැගෙන ගියේය.
මෙවැනි යෝධ බෝම්බ බොහෝ විට ප‍්‍රංශයේ විවිධ ප‍්‍රදේශ වලින් විටින් විට සොයා ගෙන ඇත්තේය. දෙවන ලෝක යුධ සමයේ දරුනු ලෙස සටන් පැවැති උතුරු දිග ප‍්‍රංශයේදී මෙවැනි බෝම්බ සොයා ගැනීම සුලභව සිදුවන ප‍්‍රදේශයන්වේ.
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දෙවැනි ලෝක යුද්ධයේ බෝම්බයක් පැරීසියෙන් හමුවේ