IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


දෙවැනි ලෝක යුද්ධය අරම්භවී වසර 80 ක් පිරීම සමරයි

දෙවන ලෝක යුද්ධය ආරම්භ වී වසර 80ක් පිරීම නිමිත්තෙන් අද (01) පෝලන්තයේදි සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි.
 
ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයෝ පිරිසක් සමග පෝලන්ත ජනපති හා අගමැතිවරයා මෙම උත්සවය සඳහා එක්ව සිටියහ.
 
 වර්ෂ 1939 සැප්තැම්බර් 01වනදා පළමු බෝම්බය හෙලනු ලැබූ වියෙලුන් නගරයේ මෙම සැමරුම පැවැත්විණ.
 
පෝලන්ත ජනගහනයෙන් පහෙන් එකක් යුද්ධයේදී දිවිපිදූ අතර ඔවුන්ගෙන් වැඩිපිරිසක් යුදෙව්වෝ වූහ. යුදෙව්වන් ලක්ෂ තිහක් පමණ මියගිය බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.

වෝර්සෝ අගනුවර සම්පූර්ණයෙන් විනාශ වූ අතර 1989 දක්වා පෝලන්තය සෝවියට් දේශයේ යටත් විජිතයක්ව පැවතිණි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

දෙවැනි ලෝක යුද්ධය අරම්භවී වසර 80 ක් පිරීම සමරයි

රවින් Monday, 02 September 2019 04:20 AM

යුද්ධයක පටන් ගැනීම සැමරියයුතු කරුණක්ද? යුද්ධයකදී ජිවිත දේපල විනාශවීම මිස ආරක්ෂාවිමක් වෙනවාද?

:       0       0

channa Monday, 02 September 2019 06:04 AM

1989 දක්වා පෝලන්තය සෝවියට් දේශයේ යටත් විජිතයක්ව පැවතිණි ????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 800 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 388 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site