
'කොවිඩ් 19' වසංගතයට එරෙහිව 'දෙවැනි පරම්පරාවේ' එන්නත් අවශ්‍ය බවත්, එම එන්නත් කඩිනමින් ජනතාව අතරට යාවි යැයි තමන් බලාපොරොත්තු වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය සෞම්‍යා ස්වාමිනාදන් පවසා ඇත.
'දෙවැනි පරම්පරාවේ' එන්නත් ලෙස සෞම්‍යා ස්වාමිනාදන් අර්ථ දක්වා ඇත්තේ, නාසයට ඉසින දියර ලෙසින් සහ මුඛ එන්නත් ලෙසින් නිර්මාණය වන එන්නත්ය.
එන්නත් යැයි කී සැණින්, සිහියට නැගෙන්නේ සිලින්ජරයක් ආධාරයෙන් සිරුරට ඇතුළු කරන ඖෂධය. දැනට 'කොවිඩ් 19' සඳහා භාවිතයට ගන්නා 'ෆයිසර්', 'මොඩර්නා', 'ඇස්ට්‍රාසෙනකා', 'සයිනොෆාම්' ඇතුළු මෙම වර්ගයේ සියලු එන්නත් අයත් වන්නේ 'පළමු පරම්පරාවේ' එන්නත් අතරටය.
දෙවැනි පරම්පරාවේ එන්නත් නාසයට ඉසින දියර ලෙසින් සහ මුඛ එන්නත් ලෙසින් නිර්මාණය වනු ඇත්තේ 'කොවිඩ් 19' වයිරසයේ විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ලෙසය.
එපමණක් නොව, ඕනෑම අයකුට තනිවම මෙම 'දෙවැනි පරම්පරාවේ' එන්නත් පහසුවෙන් ලබා ගැනීම ද කළ හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ.
(ඒ.ඒෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙවැනි පරම්පරාවේ එන්නත් ඕනෑ