ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී අද (30) දස දහසකට ආසන්න ගොවියෝ දෙවැනි දිනටත් ණය කප්පාදු කිරිම ඇතුළු සහන ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරතවුහ.
ඉන්දීය පාර්ලිමේන්තුවේ දී තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලබා ගැනීම මොවුන්ගේ අරමුණ වේ.
ආන්ද්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු, මධ්‍ය ප්‍රදේශ්,උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාල,මහාරාෂ්ඨ වැනි ප්‍රාන්තවල සිට ගොවීන් දුම්රියෙන් හා ට්‍රැක්ටර් වලින් දිල්ලි නුවරට පැමිණ කැඳවුරු බැඳ සිටියි.
මෙම විරෝධතාවය හේතුවෙන් දිල්ලි නුවරට වෙනම පොලිස් බල ඇණියක් යොදා ආරක්ෂාව තරකර ඇති බව වාර්තාවෙයි.
(28535)
(බීබීසී ඇසුරෙනී)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd