දෙවන එළිසබෙත් මහ රැජිණගේ 68 වසරක රාජකීය පාලනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබේ.
ඇයගේ පාලන කාලය තුළදී මෙම සැමරුම් උත්සවය නොපැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් වාර්තා වෙයි. 1955 වසරේදී ජාතික දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය සැමරුම් උත්සවය පැවැත්වුයේ නැත.
වර්තමානයේ පවතින කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙවර සැමරුම් උත්සවය නොපැවැත්වීමට බකිංහැම් මාළිගය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාඩියන් ඇසුරෙනි...
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd