අදින් වසර 9000ට පෙර ජීවත්වූ ජන සමූහයක් විසින් මැජික් වස්තුවක් සේ සළකමින් වන්දනාමාන කළ උල්කාෂ්ම කොටසක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කියති.
ගිනිකොන දිග පෝලන්තයේ සිග්සිසින් හි පුරාවිද්‍යා හා මානවවංශ විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයන් විසින් මේ සොයා ගැනීම සිදුකැර ඇත්තේ බටහිර පොමෙරේනියාවේ සිඩ්වේ කලපුවේ කරන ලද කැණීමක දී ය.
උල්කාෂ්ම කොටස සුරයක් සේ සැකසූ මුව අඟකට අතුල්කැර තිබුණු බව පුරාවිද්‍යාඥයන් පවසයි. සෙන්ටිමීටර 5.3 ක් දිගැති හා සෙන්ටි මීටර 3.5ක් පළලැති උල්කාෂ්මය යපස්, අයන් සල්ෆයිඩ් වැනි ඛණිජ බහුලව ඇති රන් පැහැයට සමාන කොටසකි. සංයුතිය පරීක්ෂා කිරිමේ දී එම පාෂාණය පෘථිවියට ආගන්තුක උල්කාෂ්මයක් බව තහවුරු වී ඇත.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයා එය අහසින් වැටෙනු දැක ඉන් පුදුමයට පත්වන්නට ඇති බවත් ඉන් පසු එයට දේවත්වයෙන් සළකමින් වැඳුම් පිදුම් කරන්නට ඇති බවත් පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ටේඩියස් ගැලන්ස්කි පවසන්නේ එයට ආවරණයක් තනා දී ඇත්තේ ද මේ ලෝකයට අයත් නොවන දෙයක් බව ඔවුන්ට අවබෝධයක් තිබීම හේතුවෙන් බවයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවි වෙස් ගත් උල්කාෂ්මයකට වැඳුම් පිදුම්
සෝබනා Saturday, 12 July 2014 05:27 PM
අනේ මේ ලක්ෂපාන, දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්නවද? (නදී)
මාර්ක් Thursday, 10 July 2014 04:36 PM
දකිනකොට පුදුමත් හිතෙනවා (නි)
රන්ජිත් Thursday, 10 July 2014 05:07 PM
විවිධ ජන ඇදහිලි වලට අපි ගරු කළ යුතුයි (නි)
ලක්ෂපාන Friday, 11 July 2014 12:46 PM
අවරුදු 9000 ට උඩදී ඔය ගලට වැන්දා කියල කව්රුහරි කියනවනම් පට්ට බොරුවක් මොකද තව කෙනෙකුට අවරුදු 99000ක් කියලත් කියන්නත් පුළුවන්. (දී)