ශාන්ති කර්මයක් වෙනුවෙන් මාස 5 ක් වයසැති බිළිඳෙක් ඉන්දියාවේදී මරා දමා ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කරයි.

ආන්ද්‍රා ප්‍රදේශ්හි මදර් තෙරේසා කොළනියේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අසල්වැසියන් පොලිසියට දැනුම් දී ඇත.

ඒ අනුව එම ස්ථානයට කඩිනමින් ගිය පොලිසිය කියනුයේ බිළිඳාගේ දෙමාපියන් බාරයක් ඔප්පු කර දෙව් මවුන් සතුටුකරන්නට මෙම ක්‍රියාව කර ඇති බවයි.