IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දිවි ගලවාගත් හයිටි ජනපති බිරිඳ ආපසු එයි

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ හයිටි ජනාධිපති බිරිඳ මාටීන් විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි හයිටි රාජ්‍යය බලා පැමිණියාය.

හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් සහ බිරිඳ මාටීන් වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ පසුගිය ජූලි 7 වැනිදාය. නානදුනන තුවක්කුකරුවන් කණ්ඩායමක් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර පිහිටි ජනාධිපති නිල නිවසට රාත්‍රියේ කඩා වැදී වෙඩි තැබූ අවස්ථාවේදී ජොවෙනෙල් මොයිස් එම ස්ථානයේදීම මියගියේය.

බරපතල ලෙස තුවාල ලැබූ බිරිඳ මාටීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා රෝහලකට ගෙනයන ලදී.
ජනාධිපතිවරයාටත් බිරිඳටත් වෙඩි තැබීම කළේ කුලී හේවායන් කණ්ඩායමක් බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනා කොලොම්බියානු කුලී හේවායන් බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

ඊට අමතරව, හයිටි ඇමෙරිකානුවන් දෙදෙනකුට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කෙසේ නමුත්, ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් සොයා දිගටම පරීක්ෂණ සිදුවෙමින් පවතී.

(රොයිටර්)



අදහස් (0)

දිවි ගලවාගත් හයිටි ජනපති බිරිඳ ආපසු එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site