ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ ඒ අවට ප්‍රදේශ අලුයම භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 4 ක් ලෙස සටහන් විය.
භූමි කම්පාව හටගත් අවස්ථාවේදී, දිල්ලි වැසියෝ මහත් සේ බියට පත් වූහ. ඔවුහු නිවෙස්වලින් පිටතට යෑමට යුහුසුළු වූහ. භූමි කම්පාවෙන් අනතුරුව, පසු භූ කම්පන හට ගැනීමේ අවදානමක් ඇතැම් භූ විද්‍යාඥයන් බිය පළ කිරීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සමාජ මාධ්‍ය ඔස්සේ දිල්ලි වැසියන්ට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, කලබල නොවී ආරක්ෂා වී සිටින ලෙසත්, පසු කම්පන හට ගැනීමට ඉඩක් ඇති බවත් පවසමිනි.
රික්ටර් මාපකයේ ඒකක 4 ක ප්‍රබලත්වයක් සනිටුහන් කළත්, නවදිල්ලි වැසියන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, මීට පෙර මේ ආකාරයේ භූ කම්පනයකට තමන්ට මුහුණ දීමට සිදුවී නැති බවය. නිවාස සහ ගොඩනැගිලි කීපයකට සුළු හනි සිදුවී ඇතැයි ද වාර්තා වේ. ජීවිත හානි වාර්තා වී නැත. භූමි කම්පාවේ ප්‍රබලත්වය උතුරු ඉන්දියාf සෙසු ප්‍රාන්තවලට ද දැනුණු බව පැවැසෙයි.
ඉන්දීය භූ විද්‍යාඥයන්ට අනුව, භූමි කම්පාව හටගත්තේ අලුයම 5.36 ටය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි බව පැවැසෙන්නේ, දිල්ලියේ දවුලා කුවාන් පළාතේ කිලෝ මීටර් පහක් පමණ ගැඹුරිනි.
උතුරු ඉන්දියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් එම භූ තැටි වෙනස් වෙද්දී භූමි කම්පා හට ගැනීම සාමාන්‍ය දෙයකි. එබැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතු යැයි ඉන්දීය භූ විද්‍යාඥයන් එරට වැසියන්ට උපදෙස් දී ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දිල්ලියට භූමිකම්පාවක්