ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ(27) පැවති දීපවාලී උත්සවය වෙනුවෙන් දල්වන ලද රතිඤ්ඤාවලින් නැගුණු දුම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව බලධාරීහු පවසති.

වාතයේ පවතින මෙම දූෂිත තත්ත්වය ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්ට පමණක් නොව නීරෝගී පුද්ගලයන්ට ද අහිතකර බව වෛද්‍යවරු පවසති.
 
කෙසේවුවද ඉන්දියානු රජය පනවන ලද නීතිරීති හේතුවෙන් මෙම වසරේදී දල්වන ලද රතිඤ්ඤා ප්‍රමාණය පසුගිය වසරවලට සාපේක්ෂව අඩු අගයක් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)