ටිබෙට් බුදු දහම් සංස්කෘතිය තමන්ගෙන් පසුව එන දලයි ලාමා කෙනෙකුගේ නායකත්වය යටතට පත්ව පවතිනවාට වඩා තමන් සමගම අවසාන වී යාම යෝග්‍ය බව අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා පවසයි.

තමන්ට පසුව එන දලයි ලාමා කෙනෙකුන් හට තමන් සේ ඉහළට පැමිණීමට හැකිවනු ඇතැයි තමන් නොසිතන බවත් එනිසා හොදම දෙය ටිබෙට් බුදු දහම අගෞරවයට පත් නොකර එයත් තමා සමගම මිය යෑමට ඉඩ හැරීම බවත් එතුමා කියයි.

වසර සිය ගණනක් පැරණි අතීතයකට හිමිකම් කියන ටිබෙට් බුදු දහමට අනුව එහි උත්තරීතර නායකයා ලෙස හැදින්වෙන්නේ දලයි ලාමා ය.මේ දක්වා ගතව ඇති කාලය පුරාවට දලයි ලාමා වරුන් 13 දෙනෙක් ටිබෙට් බුදු දහමේ අනුගාමිකයින් හට නායකත්වය ලබාදී තිබෙන අතර වර්තමානයේ නායකත්වය ලබාදෙමින් සිටින්නේ 14 වැනි දලයි ලාමා තුමාය.

චීනය ටිබෙටය අත්පත් කර ගැනීමට සැරසෙද්දී ඊට එරෙහිව තමන් සංවිධානය කළ කැරැල්ල අසාර්ථක වූ තැන එතුමා 1959 වසරේදී ටිබෙටය අතහැර පළා ගිය අතර චීනය ඔහු පිටුවහලෙක් ලෙස නම් කළේය.

පළා ගියද ටිබෙටය චීන ග්‍රහණයෙන් මුදවා ගැනීමේ සටන ඔහු අත් හැරියේ නැත.මෙනිසාම එතුමාට 2011 වසර සදහා වූ නොබෙල් සාම ත්‍යාගයද හිමි විය.

මේ සියලූ කටයුතු එතුමා කෙරේ විශාල ජනප්‍රියත්වයක් ඇති වීමට හේතුවුනු අතර ටිබෙට් බුදු දහමද ඒ සමගම ලොව ප්‍රචලිත විය.

අද දිනයේද ටිබෙට් ජාතිකයින් තම රටේ නායකයා මෙන්ම උත්තරීතරම ආගමික නායකයා ලෙස හදුන්වන්නේ දලයි ලාමා තුමාවය.

වසර 79 ක් වයසැති එතුමා වසර 100 ක් දක්වා ජීවත්වන බව වෛද්‍යවරුන් පවසා ඇත. තම අපේක්ෂාව වසර 113 ක් දක්වා ජීවත් වීම බව දලයි ලාමා තුමා පවසයි.

මිනිසාගේ දුක පවතින තාක් කල් මෙලොව යළි යළිත් ඉපිද ඔවුන්ගේ දුක නිවාරණයට කටයුතු කිරීම දලයි ලාමා තුමාගේ බලපොරොත්තුවයි.

ලොව අතහැර යෑමට පෙර තමන්ට ටිබේටයට පැමිණෙන්නට අවස්ථාවක් ලැබෙනු ඇතැයිද එතුමා විශ්වාසයෙන් සිටී.ලෝක ප්‍රවණතා හමුවේ චීනයට තවදුරටත් ඒකාධිපතියෙකු මෙන් පෙනී නොසිට ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු වීමට සිදුවන බව තමන්ට සහතික යැයි එතුමා කියයි.

article-2748756-13AFFC82000005DC-27_634x474