IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දලයි ලාමා අනුප්‍රාප්තිකයා ගැන කියයි

90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වැනි දලයි ලාමා තුමන්, මිලියන ගණනක් අනුගාමිකයන්ට පවසා ඇත්තේ, තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.

90 වන ජන්ම දිනය සැමරීම සඳහා පැවති උත්සවයක් අතරතුරදී දලයි ලාමා තුමන් මෙසේ අදහස් දැක්වීය.

ටිබෙට් සම්ප්‍රදායට අනුව, ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවකගේ ආත්මය ඔහුගේ මරණයෙන් පසු දරුවෙකුගේ ශරීරය තුළ නැවත ඉපදීම සිදුවෙයි. 1935 ජූලි 6 වන දින ටිබෙටයේ ටක්ට්සර් හි ගොවි පවුලක උපත ලැබූ 14 වන දලයි ලාමාතුමා වයස අවුරුදු දෙකේදී 13 වන දලයි ලාමාගේ පුනරුත්පත්තිය ලෙස පිළිගැනුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසා ඇත්තේ දලයි ලාමා තුමන්ගේ මීළඟ අනුප්‍රාප්තිකයාගේ අනන්‍යතාවය අනුමත කිරීම සිදු කරනු ලබනු ඇත්තේ චීනය විසින් බවත් එය සියවස් ගණනාවක් පැරණි චාරිත්‍රයක් හරහා චීනයේ සිදු කළ යුතු බවත්ය.

චීන පාලනයට එරෙහි අසාර්ථක නැගිටීමකින් පසු 1959 වසරේ දී ටිබෙටයේ සිට ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා චීනය සලකන්නේ බෙදුම්වාදියකු ලෙසය. දලයි ලාමාතුමා මීට පෙර ද පවසා ඇත්තේ තම අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබන බවත් චීනය විසින් තෝරා ගනු ලබන ඕනෑම අයකු ප්‍රතික්ෂේප කරන ලෙස තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින බවය.

දලයි ලාමා තුමන් ලෝකයේ වඩාත්ම බලගතු ආගමික චරිතයක් ලෙස සැලකේන අතර බුද්ධාගමට එහා ගිය අනුගාමිකත්වයක් ඇති අතර 1989 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. 90 වැනි වියට පාතබන උන්වහන්සේ 21 වන සියවසේ අසමසම ගුරුවරයා ලෙසද පිදුම් ලැබ තිබේ. 

අහිංසාව, අන්තර් ආගමික සංවාදය සහ ටිබෙට් සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා වූ කැපවීම සඳහා 14 වන දලයි ලාමාතුමා ප්‍රකටය. එමෙන්ම ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික නායකයා සහ ටිබෙට් සංස්කෘතිය සහ නිදහස සඳහා ප්‍රමුඛතම ගෝලීය උපදේශකයා ලෙස සැලකෙන්නේ දලයි ලාමා තුමන්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දලයි ලාමා අනුප්‍රාප්තිකයා ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site