දකුණු අප්‍රිකාවේ, ටැවර්න් නගරයේ, රාත්‍රී සමාජ ශාලාවකට විනෝද වීමට ගිය අවුරුදු 13 ත් 18 ත් අතර වයසේ පාසල් සිසු දරුවන් 21 ක් දෙනකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
දරුවන් මියගියේ කෙසේදැයි සෙවීමේ පරීක්ෂණ දිගටම පැවැත්වෙන නමුත් මරණවලට හේතුව පැහැදිලි නැතැයි පොලිසිය ඊයේ (27) මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
දරුවන් පිරිස රාත්‍රී සමාජ ශාලාවට ගොස් ඇත්තේ ඔවුන්ගේ උසස් පාසල් විභාගය සම්පූර්ණ කිරීමෙන් පසු එය සැමරීමේ අරමුණින්ය. බොහෝ දරුවන්ගේ මාපියන් පවා දරුවන් රාත්‍රී සමාජ ශාලාවට ගිය බව දැන නොසිටියේ යැයි ද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
දරුවන් මියයන්න ඇත්තේ කිසියම් ආකාරයක නව මත්ද්‍රව්‍ය වර්ගයක් භාවිතා කළ නිසා යැයි පොලිසිය අනුමාන කරයි. මියගිය දරුවන්ගේ සිරුරුවල කිසිදු තුවාලයක් නොමැති බව ද පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දරුවන් මියයෑම අබිරහසක්