වෙඩි තබා ඝාතනය කළ දරුවන් හය දෙනකුගේ සහ වැඩිහිටියන් දෙදෙනකුගේ සිරුරු ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවසකින් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පොළීසිය නිවසට ඇතුළු වනවිට නිවස තුළ සිටි සැකකරු පොළීසියට වෙඩිතැබූ බවත් ඔහු පැයකට පමණ පසු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ටෙක්සාස් පොළීසිය පවසයි. ඝාතනය කැර තිබූ දරුවන් වයස අවුරුදු දහතුන, දහය, එකොළහ, නවය, හත හා හය යන වයස් වල පසුවූවන්ය. සැකකරු මීට පෙරද මෙවැනි බරපතල අපරාධයකට චූදිතයෙකුව සිටි පුද්ගලයෙකි. ගෙහිමියා සමග තිබූ ආරවුලක් නිසා මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි පොළීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව මානව අයිතිවාසාකම් ගැන හොයනවා. නමුත් ඇමරිකාව කඩන මානව අයිතිවාසිකම් දැක්කම පුදුම හිතෙනවා. ඒවට විරුද්ධව අනිත් රටවල් නැගී සිටින්න ඕනේ. (නදී)
නාමල්, මානසික ආතතිය ඇතිකළේ ඔය මහත්තයා ඉන්න රට නොවෙයිද කියලා කියන්න පුලුවන්ද? ඔය රටවල් තිබුනා වගේ තිබුනා නම් මෙවන් ආතති ඔය රටවල ඇතිවෙන්නේ නැහැ (නි)
ඇමෙරිකාවේ අයට "මනසක්" නැහැ මොලේ විතරයි .... මැදපෙරදිග අයට "මනසකුත්" නැහැ "මොළෙකුත් " නැහැ ... කඳ හා බඩ විතරයි (නදී)
පිස්සු ලෝකයක් (නදී)
අනුන්ගේ මානව හිමිකම් හොයනවා තමන්ගේ රටේ මානව හිමිකම් කඩවෙලා මිනිසුන්ගේ ආතතිය වැඩිවෙලා උන් උන් මරාගන්නවා මදිවට අනිත් රටවලටත් බලපෑම් කරනවා ආගම දහම නැතිකම තමයි මුලික හේතුව (නදී)
ජීවත් වීමටත් මානව හිමිකම් අහිමි වීම (නදී)
මධූ පොඩ්ඩක් කියන්නකෝ බලන්න ඇමරිකාව කඩන මානව අයිතිවාසිකම්? ජිහාද් ත්‍රස්තවාදීන්ට බෝම්බ දාන එකද? ගඩාෆි වගේ ඒකාධිපතියන්ට සබ්බුව දෙන එකද? දැන් ඔය ඇමරිකාවට බනින ඔයාටම හෙට ග්‍රීන්කාඩ් එක දෙනව කිව්වොත් නොයා ඉදියි.(නදී)
සමහරු මගේ අදහස වලිගෙන් අල්ලගෙන.... කරුණාකර ඔලුවෙන් අල්ලාගන්න .. වලිගය අත හරින්න.... (අ)
ඇමරිකාවේ මෙවැනි සිද්ධීන් බහුලය. අවි ආයුධ ඕනෑම කෙනෙකුට ලෙහෙසියෙන් මිලට ගැනීමට ඇති හැකියාව ඊට හේතුවකි. ඇමරිකානුවන්ගේ මානසික ආතතිය , ක්ෂණික කෝපය , ලෝකෙන් බහුලවම පවතින රටක් (නි)
දර්ශ ඉතා උසස් මනසක් සහ මනා ශරීරයකින් යුත් පුද්ගලයෙක් වගේ හැම අතින්ම උසස් දේශයක ජීවිතයක් ගෙවන කෙනෙක් වගේ, දෙවි කෙනෙක්ද කියලත් හිතෙනවා. ඒ තරම්ම බුද්ධිමත්. (නදී)
ග්‍රීන් කාර්ඩ් කියන්නේ ඇමෙරිකාව ප්‍රෝඩාවක් ඔවුන් ග්‍රීන් කාර්ඩ් මගින් විශාල අදායමක් ලබාගන්නවා තුන්වෙනි ලෝකයේ රටවල මෝඩ මිනිස්සු සල්ලි වියදම් කරලා ඇමෙරිකාව පොහොසත් කරනවා. (නදී)
දන්න දෙයක් කතාකරන්න අචිර. තුන්වෙනි ලෝකයේ මිනිස්සු ඇමරිකාවේ ග්‍රීන්කාඩ් ගන්න යන්නේ ඇමරිකාවේදී තමන්ගේ දැනුමට, හැකියාවට ඉහල මිලක් ලැබෙන නිසාත් උපන් රටවලට තමන්ට වැඩි නිදහසක්, ප්‍රජාතන්ත්‍රවදය බුක්ති විදින්නට ලැබෙන නිසාත්. උදාහරනෙකට ලංකාවේදී අමාරුවෙන් ලබාගතහැකි ජීවන ඉහල මධ්‍යම පාන්තික ජීවන මට්ටම්ක් ඇමරිකාවේ සුලු රැකියාවක් කරන කෙනාත් බුක්ති විදිනවා. මෝඩ බටහිර විරෝදින්ට නොතේරුනාට ඒක දෙපාර්ශවයටම වාසිවෙන ආයෝජනයක් මිස ප්‍රෝඩාවක් නෙමේ (නදී)
අචිර 'මානව හිමිකම් කඩවීම්' හා අපරාධ අතර වෙනස දන්නෙ නැති හැඩැයි. මේවා ඔනෑ රටක විය හැකි අපරාධ. ඇමරිකාව මානව හිමිකම් ගැන සොයා බලන්න කියන්නෙ අපේ රටේ රජය මගින් සුදු වෑන් යවා අපරාධ කල නිසා. (නදී)
දර්ශ ඇමරිකාවේ අයට මනසක් නැති නිසාද මාටින් ලූතර් කින්, ඒබ්‍රහම් ලින්කන් වැනි ශ්‍රේෂ්ට නායකයෝ ඒ රටේ බිහිවුනේ...(නදී)
ඇමරිකානුවන්ගේ මානසික ආතතිය බහුලව පවතින රටක් කියලනම් කියන්න බෑ පත්මා මමත් ජීවත්වෙන්නේ ඇමරිකාවේ... ඒත අාසියාතික රට වටා වඩා ඇමරිකාවේ අපරාද මාධ්‍ය වාර්තා වෙන ප්‍රමාණය වැඩි නිසයි ඔබ ඔහොම කියන්නේ... ලෝකයේ මානසික ආතතිය බහුල යැයි සැළකෙන්නේ මැදපෙරදිග රටවල .. ඇවි ආයුධ මිළදීගැනීමට හැකිවීම නිසා වෙනත් දියුණූ රටවලට වඩා වෙඩිතැබීම් නම් වැඩියි... (ම)