කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ දරුවන් දහස් ගණනකට මව හෝ පියා හෝ අහිමි වී ඇති බවත්, මවත් පියාත් අහිමිවුණු දරුවන් 577 දෙනකු පිළිබඳ විස්තර තමන්ට ලැබී ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
මෙම දරුවන් 577 දෙනාට මව සහ පියා අහිමි වී ඇත්තේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට මැයි 25 වැනිදා තෙක් කාලය තුළදී යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
එසේ මාපිය සෙනෙහස අහිමි දරුවන් නිසි ලෙස රැක බලා ගැනීම ඉතා වැදගත් බවත්, එසේ නොවුණහොත් ඔවුන් ලිංගික අපයෝජනයට, නොසලකාහැරීම්වලට ලක් වනු ඇති බවත් යුනිසෙෆ් සංවිධානය ඉන්දීය රජයට පෙන්වා දී තිබේ.
ඉන්දීය කාන්තා හා ළමා සුභසාධන අමාත්‍ය ස්ම්‍රිති ඉරානි පෙන්වා දී ඇත්තේ, මා පිය සෙනෙහස අහිමි වුණු දරුවන් රැක බලා ගැනීමේ වගකීම රජයට පැවැරෙන බවත්, එම වගකීමෙන් මිදීමට රජයට නොහැකි බවත්ය.
නවදිල්ලියේදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවන් 577 දෙනකුට අම්මා තාත්තා නෑ