පසුගිය වසර දෙකක කාලයේ දී යුරෝපයට සංක්‍රමණය වූ පිරිස් අතර සිටි දරුවන් 10,000ට වැඩි ප්‍රමාණයක් අතුරුදන්ව හෝ මියගොස් හෝ ඇතැයි යුරෝපයේ රහස් තොරුතුරු ඒකක වාර්තා කරයි. මේ පිරිස අතුරුදන්ව ඇත්තේ යුරෝපයට පැමිණි සංචාරකයන් ලෙස ලේඛණගත වීමෙන් පසුව බව ද එම වාර්තා පෙන්වා දෙයි.
සමාජ විද්‍යා පර්යේෂකයන් පවසන්නේ මේ ළමයි අපරාධ කණ්ඩායම් විසින් ලිංගික ශ්‍රමිකයන් ලෙස, අපරාධ කණ්ඩායම් සාමාජිකයන් ලෙස, බාල වයස්කාර ශ්‍රමිකයන් ලෙස හෝ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා යොදා ගන්නට ඇති බවයි. පසුගිය වසරක දී දෙමාපියන් හෝ භාර කරුවන් නොමැතිව යුරෝපයට සංක්‍රමණය වූ දරුවන් සංඛ්‍යාව 26,000ක් බව ද එම වාර්තාවල දැක්වේ.
සංක්‍රමණික දරුවන් අතුරුදන් වීම සම්බන්ධයෙන් යුරෝපෝල් වෙතින් සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කර ඇත්තේ ප්‍රථම වරටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd