සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන ඇට්මෙන් සරණාගත කදවුරට මාධ්‍යවේදී ඔස්මන් සගිර්ලි පැමිණියේ ලියමින් සිටි අලූත්ම පුවත්පත් වාර්තාවට ඡායාරූප කිහිපයක් ලබාගැනීමටය.
මවගෙන් මිදී ඈතට දිවයමින් සිටි කුඩා දැරියක ඔහුගේ ඇස ගැටුණේ එක්මනමය.තමාගේ පුවත්පත් වාර්තාවට ඇයගේ ඡායාරූපයක් කදිම වනු ඇතැයි සිතා ඔහු ඇය පසුපසින් වැටුණි.
කැමරාවත් ඔසවාගෙන තමා දෙසට එන මාධ්‍යවේදියා දුටු කුඩා දැරිය ගල්ගැසුණාක් මෙන් නතර වූවාය.දෙඅතම ඉහළට ඔසවා යටත්වන බව ඇගවූවාය.ඇයගේ දෑසේ කදුළු පිරී තිබුණි.
ඇයගේ හැසිරීම ඔස්මන් සගිර්ලිට ප‍්‍රහේළිකාවක් විය.කැමරාවක් රැගෙන පැමිණි තමන් දැක ඇය දෑත් ඉහළට එසවූයේ ඇයුරු මද වේලාවක් ගතවෙද්දී ඔහුට එය වැටහිණ.කුඩා දැරිය සිතා ඇත්තේ කැමරාව ගිනි අවියකැයි කියාය.ඇය දෑත් තම ඔසවා යටත්වන බව පෙන්වූයේ ඒ නිසාය.
එම අවස්ථාවේ ඔස්මන් ගත් ඡායාරූපය මේ වන විට ලොව පුරා මහත් ප‍්‍රසිද්ධියක් අත්කරගෙන ඇත.බොහෝදෙනා ලෝකය ගැන උපන් කළකිරීමෙන් යුතුව ඡයාරූපය ගැන අදහස් පළකර තිබෙනු දැකගත හැකිය.වැඩිහිටියන්ගේ වුවමනාවට සිදුවන යුද්ධයෙන් විනාශවී ඇත්තේ කුඩා දරුවන්ගේ අනාගතය බව ඔවුන් පවසන්නේය.
වසර 5 කට අධික කාලයක් දිවෙන සිරියාවේ සිවිල් යුද්ධයෙන් මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව සදහන්ය.සහන සේවා සංවිධාන ඉදිරිපත් කර තිබෙන වාර්තා වලට අනුව ඉන් දස දහසක් පමණ කුඩා දරුවන්ය.
ලක්ෂ 120 ක පමණ මහා ජනාකායක් අවතැන්ව සිටින අතර ආහාර සපයාගත නොහැකිව ඔවුන් බහුරතය සිටින්නේ හා මත්වය.තත්ත්වයට පිළියම් වශයෙන් පිටි ආනයනය කිරීමට සිරියා රජය පියවර ගෙන ඇත.
මෙසේ විදේශයක සිට පිටි ආනයනය කිරීම අතීතයේ ස්වයංපෝෂිත ආර්ථිකයකට උරුමකම් කී සිරියාවට නුහුරු දෙයක් වන අතර රට වැටී තිබෙන ආගාධය කෙතරම් ගැඹුරුදැයි එයින්ම පෙනෙන බව විශේෂඥයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් නිසා මුළු ලෝකයම දරුවන්ගේ හෙට දවස තමයි අද අපි කම්පනයෙන් දකින්නේ.(හේ)
ඉතාමත් සංවේදී ඡායාරූපයක්.අපේ ලංකාවෙත් මේ වගේ කාලයක් තිබුණා අපේ අයට මතකද දන්නේ නැහැ. (දිල්)
ලෝකේ කොහේ කාගේ කවුරු වුණත් පව් අසරණ දරුපැටියා. මගේ පපුව කඩා වැටුනා වගේ දැනුණා. අපිටත් දරුවෝ සිටිනවා. ඔවුන්ගේ හෙට දවසට ලෝකයෙන් මොනවා ලැබේවිද ..? (නි)
අපේ රටේ බොහෝ දෙනෙකුට අපට සිදුවූ දේවල් අමතකවෙලා.බෙදුම්වාදය ලොව පුරාම සිදුවෙමින් පවතිනවා.නව පාලකයන් බුද්ධිය මෙහෙයවා වැඩ නොකළහොත් මහා විනාශයකට මුලපෙරෙන බව පෙනෙනවා.ඔඩුදුවන දේශපාලනයේ විගඩම් අතර පටු දේශපාලන අඟුටුමිට්ටන් පුටු මාරුකරමින් මහා විගඩමක් සිදුකරමින් අපේ දේශයේ අනාගතය විනාශ කරමින් නන් දොඩවමින් කාලය කා දමනවා.මින් මත්තට හරි ඍජු පාලක පිරිසකට රටේ පාලනය බාරදෙන්න කවුරුත් අදිටන් කරගනිමු. (නි)
වැඩිහිටියන්ගේ වෛරී ක්‍රියාවන් නිසා කඳුළු සලන්නට වී ඇත්තේ පුංචි අහිංසක දරුවන්ටයි (නි)
අපේ පොඩි අයත් ඔය වගේ බයෙන් හිටිය කියල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ඕක දැක්කහමවත් මතක් වෙයිද. (ස)
කෝ ඔය ලෝකය මවපු පාලනය කරන දෙවියන්? දරුවා කළ වරද මොකක්ද මේ මානසික පීඩාව විඳින්න? (නි)
ඉතාම දුක හිතෙනවා. ලෝක නායකයන් ඊට යම් දෙයක් කලයුතුයි. (ර)
පොඩි ළමයා බයේ නේද.? (ර)
මේවා දකින්න අපි කොච්චර පව් කරලා තියනවද? මටත් ඉන්නවා මේ වගේ පැටික්කියෙක්.දෙවියන්ගේ අරක්ෂාව සියලු අසරණයන්ට ලැබේවා! (නි)
පව් අහිංසකයෝ... (ර)
පාලකයෝ මේවා තේරුම් ගනීද ?(බ)
අපේ ලංකාවෙත් මේ වගේ කාලයක් තිබුනා අපේ අයටමතකද දන්නේ නැහැ. ඉතාම සංවේදියි (බ)
කතා කරන පින්තුර. (ර)
පව් අහිංසක දරුවෝ. (ර)
අපිත් 2009 ජයග්‍රහණයට පෙර ඔය කඳුළු අපේ දරුවන්ගේ ඇස් තුළ දුටුවා (බ)
කෙනෙක් සැප විඳින කොට තව කෙනෙක් අපා දුක් විඳිනවා (බ)
පොඩි ළමයෙක් උනත් තුවක්කුවට තියන බය. 2009 ට ඉස්සර කොටි අපේ සිංහල ගම්මාන කඩු පිහි වලින් පෙති ගැහුවේ වෙඩි තියනවට වැඩියේ. අපේ ගොඩක් අයට ඒවා මතක නැහැ දැන්. (බ)
කෑම විතරම නෙමෙයි සමහර ජානමය කරුණු නිසාත් ළමයි මහත් වෙනවා. පව් අහිංසක නොදරුවා. යුද්ධය එක්කම ඉපදිලා යුද්ධය එක්කම මැරෙන දරුවෝ. මෙවන් දසුන් ලොව කොතැනකවත් දක්නට නොලැබේවා! (නි)
වැඩිහිටියන්ගේ ප්‍රශ්න නිසා දුක් විදින්නේ පොඩි අය. (ර)
මේක පෙන්නන්න ඕනෙ අමෙරිකාව ප්‍රමුඛ බටහිරට මිසක් වෙන කාටවත් නෙවෙයි. මේවට ස්වභාවධර්මය විසින් දඩුවම් ලබාදෙනවිට බටහිරට යනඑන මං නැතිවේවි. (බ)
මේ අපි දකින ඡායාරූපය සේම මගේ හදවතට දැනුණ කෙනෙක් මෙතන අදහස් ඉදිරිපත්කර තිබෙනවා මට මතක හැටියට ඇය මීට පෙර මේ තීරුවට වටිනා අදහස් දැක්වූ තැනැත්තියක්. ඇමරිකාව පමණක් නෙමෙයි සමහර ආගමික බලවේග මේ යුද්ධයට වගකිවයුතුයි.ඉතින් රූපවති නංගි ඇතුළු සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ඉතා දියුණු තත්වයක තිබුන සිරියාව බටහිර යුරෝපයත් ඇමරිකාවත් සමග මිතු දමක් නොතිබූ නිසාත් , රුසියාව සමග සිරියාව සිටි නිසාත් , බටහිර යුරෝපයත් ඇමරිකාවත් සෞදි අරාබියත් ප්‍රමුඛව සිරියාවට විරුද්ධව කැරලි ගැසුවා (බ)
ඉතාමත් සංවේදී ඡායාරූපයක්. (ස)
යහපාලනයේ පිහිටෙන් බෙදෙන රටේ දෙස සීමා පැන්නොත් අපේ දරුවන්ටත් ඔය දේ ඉදිරියේදී සිද්ධ වේවි..(ම)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ. බුදු දහමට අනුව ජීවත් වෙන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලොවට සාමය උදාවේවා.(දිල්)
මේ දේවල් වලට වගකිවයුතු සිරියාවේ කරලිකරුවොනුත් ඇමරිකාව ප්‍රමුක බටහිර රටවලට දෙනෙත් ඇරවන්න කදිම නිදසුනක්. (ර)
කීප දෙනෙකුගේ උමතුවට ලෝකයම වන්දි ගෙවනවා..(ම)
දිගු කාලීන යුද්ධයක් තිබුණු රටක ජීවත් වන අපි අහිංසක මිනිසුන් හා දරුවන් වෙනුවෙන් යුද්ධයට විරුද්ධම විය යුතුය.(දිල්)
බල තණ්හාවට මැදි වෙන්නේ ගොඩක් දුරට අහිසකයෙක් හෝ පොඩි දරුවන්. (ර)
මේ අහිංසක දරුවන් යුද්ධය නිසා අසරණ වෙලා බිය වෙලා තියෙන තරම මෙයින් පැහැදිලි වෙනවා (දිල්)
ඉතාමත් සංවේදී ඡායාරූපයක්. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා මේ තරම් අඝාධයකට වැටුන රටක හාමතේ ඉන්න ළමයෙක් මේ විදියට මහතට ඉන්නේ කොහොමද? (ර)
යුද්දේ කොහේ තිබ්බත් මොන පරමාර්තයකින් කලත් මිනිසුන් මැරෙනවා. එක අපරාධයක්. (ස)
හදවත් ඇති මිනිසුන් සංවේදීව බලන්න ඕන දසුනක්. දයාබර දුවේ... නුඹ නමින් අපි යදින්නම් ඔය පුංචි හිතට ආයේ කවදාවත් බය අසරණ බව නොදැනෙන්න කියල. (ස)
අම්මලා තාත්තලා තමුන් බඩගින්නෙ ඉඳලාහරි ළමයින්ගෙ බඩ පුරවනවා. ඇසට කදුළු එකතුවෙන ෆොටෝ එකක්. පටු විදිහට බලන්න එපා. (නි)
ලෝක බලවතුන්ට මේවා පෙනෙන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)
යුද මානසිකත්වය කෙතරම් පීඩාකාරිද? (නි)
ලංකාවටත් ඔය කල යනවා දකින්න සමහර බටහිර බලවේග දත මැදගෙන බලාසිටින බව අමතක නොකරන්න. (නි)
මේ ඔක්කොටම මුල ඇමරිකාව නිකන් හිටපු රටවල් අවුස්සලා යුද්ධ වලට පටළවාගත් එක (නි)
ඕනෑම රටක යුධ මානසිකත්වයකින් ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ගේ තත්වය මේ හය හතර නොතේරෙන දරුවා ලෝකෙටම පෙන්වා දෙනවා. (ස)
අපිත් 2009 ජයග්‍රහණයට පෙර ඔහොම අත් උස්සලත් කපලා කොටලා මරපු කොටි සිටි රටක තමයි හිටියේ. දැන් බොහෝ දෙනෙකුට අමතකයි. ඒ නරකාදියෙන් අප බේරාගත් අයගේ වැරදි තමයි මතක. (නි)