ගින්නෙන් දැවෙන මහල් නිවාසයේ තව දුරටත් දරු දෙදෙනා ආරක්ෂා සහිතව තබා ගත නොහැකි තැන ඔවුන්ව නිවසේ ජනේලයෙන් එළියට තල්ලූ කර දැමීමට රුසියා ජාතික මවක් කටයුතු කළාය.

තට්ටු ගණනක සිට පහළට වැටෙන දරුවන් දුටු පිටත රැස්ව සිටියෝ වහ වහා ඇදන් රෙදි ගෙනවිත් ඒවා දිගහැර පොළවට ඉහළින් තදින් අල්ලාගෙන දරුවන් ඒ මතට වැටෙන්නට සැළැස්වූහ.

දරු දෙදෙනාම බේරා ගැනීමට ඔවුහු සමත්වූහ.

තමන්ගේ බර ඇදන් රෙදි වලට දැරිය නොහැකියැයි බියවූ මව පහළට නොපැන්නාය.ඇය ගිනි නිවීමේ භටයින් පැමිණෙන තෙක්ම ගිනි ගෙන දැවෙන නිවසේ රැදී සිටියාය.

භටයින් පැමිණ ඇය ගලවා ගන්නා විට ඇය සිටියේ දුම ආඝ්‍රාණය කර අසාධ්‍ය තත්ත්වයේය.වහ වහා ප්‍රථමාධාරදී ඇය ද ග,වා ගැනීමට ගිනි නිවීමේ භටයෝ සමත්වූහ.

මහල් නිවාසයේ ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණයව නොමැත.