මැරෙන දවස ගැන අනාවැකි කිව හැකි මෘදුකාංගයක් ගිස්ට් නම් ඇමරිකා සමාගමක් නිපදවා ඇත.
දැනට ඇපල් අයිපෝන් උපාංගයන් හා පමණක් භාවිතා කළ හැකි මේ මෘදුකාංගය නම් කර ඇත්තේ ‘‘ඩෙඞ්ලයින්‘‘ ලෙසය.
ඇපල් අයිපෝන් උපාංගයන්ගේ ඇති පරිශීලකයාගේ සෞඛ්‍ය තත්ත්වය මැන බලන මෘදුකාංගයකින් ලබාගන්නා දත්ත ඇසුරින් මරණයට පත්වන දිනය ගණනය කර පෙන්වීමට මෙය සමත්ය.
‘‘ඔබ අප සෑම දෙනාම මරණයට පත්වනවා.නමුත් ඔබ මරණයට පත්වන්නේ කවදාද කියා ඔබ දන්නවානම්? හොද සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඔබ පෙළඹෙනවාද?‘‘ ලෙස මෘදුකාංගය පිළිඹද හඳුන්වාදීමක්ද කර තිබේ.
නිර්මාපකයින් පවසන්නේ අයිපෝන් උපාංගයෙන් ලබාගන්නා එහි පරිශීලකයාගේ රුධිර පීඩනය,උස,නින්ද ආදී දත්තයන් විශ්ලේෂණය කර මරණයට පත්වන දිනය ආසන්න වශයෙන් ගණනය කිරීම මෙම මෙයින් සිදුවන බවයි.
අවුරුදු, මාස, දින, පැය, මිනිත්තු, තත්තපර ආදී ලෙස මියයන දවස ඩෙඞ්ලයින් මෘදුකාංගයෙන් දර්ශනය කෙරේ.
කෙසේනමුත් මෙයත් එක්තරා ආකාරයක අනාවැකි කියන මෘදුකාංගයක් පමණක් බවත් මෙයින් කියැවෙන දේ පමණට වඩා විශ්වාස කළ යුතු නැති බවත් විද්වත්හු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේන්ද්‍රය හෝ සාස්තර විස්වාස කරන කෙනා කරන්නේ කේන්දරයක අනුමාන වසයෙන් කියන දේවල් තමන්ගේ ජීවිතේ සිද්දවෙන සිදුවීම් සමග සමපාත කරලා හරි කියලා හිතාගන්නවා, වැරදිච්ච දේවල් ගණන් බලන්නේ නැහැ ඒවගේම එයාලා යම් පුද්ගලයෙක් ගැන විස්වාස කරනවා මිසක් විවුර්ත මනසකින් සිදුවීම් දිහා බලන්නේ නැහැ, මේ නිසා මිනිස්සු බොහෝ රැවටීම් වලට ලක් වෙනවා. මොරිස් මහත්මයා කියලාතියෙනවා වගේ කොව්ර් මහත්මයාගේ පොත්වලට වැඩි ප්‍රචාරයක් දීල මහජනයා අතර ප්‍රචලිත කරොත් අද අපේ සමාජයේ තියෙන පසුගාමී බාවයට හොද පිළිතුරක් වෙයි. (බ)
මේකේ භයානක පැත්තකුත් තියෙනවා. කවුරුහරි මෝඩයෙක් මැරෙන දවස ළඟ නිසා තමන්ගේ සතුරන් විනාශ කරන්න පෙළඹුනොත්? (නි)
මෙතන අකල් මරණ ගැන නෙමෙයි සදහන් කරලා තියෙන්නේ ස්භාවික මරණ සම්බන්ධවයි.(බ)
නොදන්නා අය ගත්තත් දන්නා කෙනෙක් ඕක ගැන බයගන්න එපා (නි)
මේකෙන් කොහොමද කියන්නේ, හදිසි අනතුරුවලින් මැරෙන ඒවා. ඝාතනය වීමෙන් මැරෙන ඒවා ? එම නිසා ඔය උපකරණේ නිවැරදිතාවය සියයට 25 ටත් පහලයි (නදී)
මේක ගාමිණී සෞඛ්‍යය තත්වය පදනම් කරගෙන කරන යම් අනුමානයක් පමණයි. නමුත් අපේ රටේ දෛවඥයින්ට සාස්තරකාරයන්ට නම් 100% ම හරියට කියන්න පුලුන්. (නි)
සාස්තරකාරයින්ව නම් මම විශ්වාස කරන්නේ නැහැ.නමුත් උපන් වෙලාවේ හදපු මගේ කේන්ද්‍රය ගැන නම් මට ලොකු විශ්වාසයක් තියෙනවා.හොඳ කේන්දර කියවන්නෙකුට කේන්ද්‍රයක් බලා ඒ කෙනා මැරෙන දවසත් හරියට කියන්න පුළුවන්. කොළොන්නාවේ හාමුදුරුවෝ කියන ප්‍රසිද්ධ හාමුදුරුවොත් එවැනි කෙනෙක්. උන්වහන්සේ මාගේ කේන්ද්‍රය බලා කී හොඳ නරක දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධවුණා.ඒ හාමුදුරුවෝ දැන් අපවත් වෙලා. (නි)
ඔය යන විදිහට අපි සසරේ කල පව් මකන්නත් උපකරණයක් හදයි නේ (දී)
මේ ක්‍රමය සාර්ථක වුනොත් තමන් යන දවස දන්න නිසා මිනිස්සු මීට වඩා වගකීමෙන් සහ යහපත් ලෙස ගතකරයි කියල මම හිතනව. (බ)
සමරේ, ඔය දවස මිනිස්සු දැනගත්තම කරන්න පුළුවන් හැමදෙයක්ම ඒ දවසට ඉස්සර කරගන්න බලාවි. (නි)
මෙහෙ මීටවැඩිය හොඳ මෘදුකාංග ඇති. පරිගණක තියාගෙන අතේ රේඛා අනුව මෙහෙ පාරේ සාස්තර කියනවා, රුපියල් 100 ට (නි)
මැරෙන දවස හරියටම දන්නේ, එල්ලුම් ගහ ක්‍රියාත්මක රටක, එල්ලුම් ගහට නියම වෙන අයනේ. එහෙම අය මැරෙන දවස එනගුරු මැරි මැරී උපදිනවා.මේකෙන් වෙන්නේ සමාජය උඩුයටිකුරු වෙන එක. එම නිසා කිසි කෙනෙක් මැරෙන දවස දැනගන්න ඕනෑ නැහැ. (නි)
මිනිසාට නොතිබිය යුතු ගුණාංගයක් තමා "ඕවර් කොන්ෆිඩන්ට් " අසීමිත ආත්ම විශ්වාසය. සුපිරි බලවතා වුනාට මොවුන් පවා සමහර විට ලෝකයා ගොනාට අන්දන්න උත්සාහ කරනවා. අපේ ශරීර සෞඛයත් අපේ මරණයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන එක තමා මාගේ මතය. මරණය කියන්නේ කොයි මොහොතේ අප වෙත ලඟාවේද කියන එක කිසිවෙකුට කියන්න බැහැ. මුලින්ම මේක නිපදවන ප්‍රධාන ඉංජිනේරුවාගේ සෞඛ්‍ය හා මානසික තත්වය ගැන හොයල බලන්න ඕනේ..? (නදී)
මේකෙන් කරන්නේ තමන් මැරෙන දවස හරියටම කියනව නෙමෙයි. යහපත් සෞඛ්‍ය පුරුදු වලට යොමු කරලා මිනිස්සුන්ගේ ජිවන රටාව ක්‍රමවත් කරන එක. (දිල්)
මම අහලා තියෙන විදියට, ඔය චමින්ද කියන කොලොන්නාවේ හාමුදුරුවෝ උන්වහන්සේ හරියටම අපවත්වෙන දවසත් හරියටම දැනගෙන ඉදලා තියෙනවා. (නදී)
මට මේක දැක්කම පරණ කතාවක් මතක් උනා. මිනිහෙක් එයා මැරෙන දවස සාස්තර කාරයකුගෙන් අහගෙන, හැමෝගෙන්ම නයට සල්ලි ගත්තලු (ඒ මැරෙනවා කියපු)අහවල් දවසට ගෙවනවා කියලා. දැන් මේ මිනිහ මරුනේ නැතිලු. හවස් වෙනකොට එක්කෙනා දෙන්න නය කාරයෝ එන්න උනාලු. අන්තිමට කරන්න දෙයක් නැති තැන මේ මිනිහ වහ බිල මරුනලු. මේවා මිනිසුන් හොදටත් නරකටත් පාවිච්චි කරන්න පුළුවන්. හරියට ෆේස්බුක් ,යු ටුයුබ්, වගේ. (නදී)
චමින්ද ඔබතුමා කියවන්න එබ්‍රහිම් ටි කොවුර් මහතාගේ "දෙවියෝ සහ භූතයෝ" කියන පොත. (නදී)
මේක ලංකාවේ නියම ජනමාධ්‍යවේදීන්ට වැඩක් නැහැ. ඒ ගොල්ලන්ගෙන් මරණය තීරණය කරන්නේ මේකෙන් නෙමෙයිනේ. (ර)
ඉසුරන්දි, අකල් මරණ හෝ ස්භාවික මරණ හෝ වේවා කවදා කාට කොතනද, කොහම ලඟාවේද කියා කිසිවකුට කියන්න බැහැ. එවැනි දෙයක් ස්ථීරවම කාට හරි කියන්න පලුවන් නම් මිනිසාගේ දෛනික කටයුතුවල විශාල ලෙස වෙනස්කම් සිදුකරන්න වේවි. (ර)