වීනය මධ්‍යම හෙබෙයි ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇණුමකින් සිසුන් තිදෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය සිදුව ඇත්තේ ෂියාං නගරයේ ඩොන්ෆැන් නමැති ප්‍රාථමික විදුහලකය. වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයකු ළමයින් අට දෙනකුට හා වැඩිහිටි පුද්ගලයකුට පිහියෙන් ඇන ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසාගෙන ඇති බවයි.
තම දියණිය නව පාසල් වාරය වෙනුවෙන් ලියාපදිංචි කිරීම පාසල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වු පියා මේ ඝාතනය සිදුකැර ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි. පාසල් බලධාරීන් පවසා ඇත්තේ ග්‍රීෂ්ම සෘතුවට දුන් නිවාඩු කාලයේ පාසලෙන් පැවරූ වැඩ මේ දැරිය විසින් අවසන් නොකිරීම හේතුවෙන් ඇය පාසලට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
චීනයේ පාසල් පද්ධතියේ මෙවැනි ප්‍රහාර දිනෙන් දින ඉහළ යන බැවින් පාසල් ඇතුළත ආරක්ෂාව දැඩි කැර ඇතැයි ද චීන මාධ්‍ය උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසා ඇත. 2010 මාර්තු මාසයේ ද පාසලකට පැමිණි පුද්ගලයකු සිසුන් අට දෙනකුට පිහියෙන් ඇණ මරා දැමිණි. 2010 අග භාගයේ දී ද පුද්ගලයකුගේ පිහි ප්‍රහාරයකින් සිසුන් තිදෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියණිය නොගත්යැයි උරණ වී දරුවන් තිදෙනකු මරයි
සේරම් Wednesday, 03 September 2014 05:50 AM
අපේ රටේ නම් ළමයි නෙමෙයි විදුහල්පතිවරු නම් ප්‍රවේශම් වෙන්න වෙයි ලබන ජනවාරි මාසෙදි (නි)
ඉසුරන්දි Wednesday, 03 September 2014 07:11 AM
බලධාරින් විසින් ඒ මිනිසුන් මේ තත්වටට ඇද දමලා. ඒ අතින් අපේ රට වාසනාවන්තයි තවමත්. (නි)
කැළුම් Tuesday, 02 September 2014 06:47 AM
අපේ රටේ තත්වය මෙසේ නොවුණත් පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී දෙමාපියන්ට යුද්ධයක් කරන්න වෙලා තියෙනවා. (නි)