වසර 1300 ක් පමණ පැරණි පිළිවෙතක් අනුව යමින් පක්ෂීන් යොදාගෙන මසුන් ඇල්ලීමේ යෙදෙන ධීවරයෝ ජපානයේ සිටිති.
‘‘උකායි‘‘ නම් වන මේ පිළිවෙත එක්තරා ආකාරයක කලාවක් ලෙස ජපාන ධීවරයෝ හඳුන්වති.මෙය භාවිතයට ගැනුණු මුල් කාලයේ‘උකායි‘‘ හි නිරත වන ධීවරයින්ගේ කටයුතු සොයාබැලීම සදහා ඕඩා නොබුනාගා නම් සමුරායිවරයෙක් ද සිටියේය.
‘‘උකායි‘‘ බෙහෙවින් භාවිතයට ගැනෙන්නේ ජපානයේ හොසු හා උජි යන ගංගා ප‍්‍රදේශවලයගරැයේ සිදුකෙරෙන මෙම පිළිවෙත සදහා ධීවරයින් සහභාගී වන්නේද සාම්ප‍්‍රදායික ඇදුම් පැළදුම් වලින් සැරසීගෙනය.
මෙම කටයුත්ත සදහා යොදාගැනෙන්නේ ජලාශි‍්‍රතව වාසය කරන කොමෝරන්ට් නම් පක්ෂීන්වය.මෙම පක්ෂීන්ගේ හොටය යට පැසක් පිහිටන අතර ස්වභාවධර්මයා ගේ නියමය අනුව නම් ඔවුනට එම පැස ලැබී ඇත්තේ දඩයමේ යෙදෙන අවස්ථාවලදී හැකි තරම් ආහාර පැසෙහි ගබඩා කරගෙන පසුව නිදහසේ ඒවා භුක්ති විදීමටය.
කොමෝරන්ට් ආහාර ලෙස ගනු ලබන්නේ මසුන්යගදිය යටින් පිහිනා යන මේ පක්ෂියා මසුන් අල්ලාගෙන පැසෙහි රඳවා ගනීගපසුව දිය මතුපිටට පැමිණ දඩයම භුක්ති විදී.
මේ සියල්ල තමන්ගේ වාසියට හරවාගෙන සිටින ජපාන ධීවරයෝ මුලින්ම කරනුයේ කොමොරන්ට් පක්ෂීන් කිහිපදෙනෙකු අල්ලා ගෙන ඔවුන්ගේ ගෙලට මුදුවක් පැළදවීමයි.පසුව මුදුවට ගැටගැසෙන රැහැනකින් පක්ෂීන්ව තම බෝට්ටු වලට බැඳ තබා ගන්නා ධීවරයෝ ඔවුන්ව දියට දමන්නෝය.
දියට දැමූ පසු පක්ෂියෝ ඒ මේ අත පිහිනා යමින් මසුන් දඩයම් කරන්නෝයගදඩයම් කරන මසුන් ගිලීමට තැත් කළද ගෙලෙහි පැළද ඇති මුදුව නිසා එය කළ නොහැකිය.මේ නිසා දඩයම් කරන මසුන් සියල්ල තැන්පත් වනුයේ හොටය යට පිහිටා ඇති පැසෙහිය.
කෙටි වේලාවක ඇවෑමෙන් පක්ෂීන් නැවත බෝට්ටුවට ගන්නා ධීවරයෝ ඔවුන්ගේ පැසවල පිරී සිටින මසුන් පිටතට ගන්නෝය.අනතුරුව තවත් වටයක් සදහා ඔවුන්ව දියට දමන්නෝය.
‘‘උකායි‘‘ ජපානයට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙන අතර ඔවුන් සදහා වෙනම බෝට්ටු සේවාවන්ද කි‍්‍රයාත්මක කෙරේග
සෑම වසරකම මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා එළැඹෙනි‘උකායි‘‘ සමයේදී ජපානයට සංචාරකයින් පැමිණෙනුයේ දහස් ගණනින් බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියකාවත් ධීවරයෙක්
කුමාර Friday, 18 July 2014 05:27 AM
මේක තමා මෙයට උඩින් තියන නිව්ස් එකට හේතුව. මේ කුරුල්ලෝ බාගයක් ගිලපු එක ආපසු ගන්නේ, ජපන්නු මේ වගේ වැඩ ගොඩක් කරනවා, පනපිටින්ම මාළුවා මේසේට තියල ඇන ගහල දගලද්දී කපාගෙන කනවා. තව ගොඩක් තියෙනවා. (නදී)
නලින් Thursday, 17 July 2014 02:53 PM
පව් වැඩක්.(අ)