පසුගියදා හදිසි රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර සිටින ප්‍රවීන කලාශිල්පියකු වන දයා අල්විස්ට සෙත් පැතීමේ බෝධි පුජා පින්කමක් අඟහරුවාදා සවස ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් පැවති එම පින්කම සඳහා විහාරවාසී සියලුම මහා සංඝ රත්නය සහභාගි විය.

පින්කම සංවිධානය කළේ දයා අල්විස් පවුලේ හිතවතුන් වන පුක්කුස සහ ස්වර්ණා වීරසිංහ ප්‍රධාන හිත මිත්‍රාදීන් විසිනි.

කළුගමුවේ කස්සප හිමියන් මෙහෙයවූ බෝධි පුජාවෙන් දයා අල්විස්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කෙරුණි.

මිට වසර කිහිපයකට පෙර දයා අල්විස් තිර රචනය ලියා සුදත් රෝහණ අධ්‍යක්ෂණය කල ලන්ඩන් නුවර රූපගත කළ "ඉරබට තරුව" ටෙලි නාට්‍යයේ දර්ශන ලන්ඩන් විහාරස්ථානයේදී රූපගත කරනු ලැබිය. එම දර්ශන සඳහා එහි චරිතයක් නිරුපණය කළ දයා අල්විස් ද සහභාගි විය.

London_Buddhist_Vihara_UK