පසුගියදා හදිසි රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර සිටින ප්‍රවීන කලාශිල්පියකු වන දයා අල්විස්ට සෙත් පැතීමේ බෝධි පුජා පින්කමක් අඟහරුවාදා සවස ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් පැවති එම පින්කම සඳහා විහාරවාසී සියලුම මහා සංඝ රත්නය සහභාගි විය.
පින්කම සංවිධානය කළේ දයා අල්විස් පවුලේ හිතවතුන් වන පුක්කුස සහ ස්වර්ණා වීරසිංහ ප්‍රධාන හිත මිත්‍රාදීන් විසිනි.
කළුගමුවේ කස්සප හිමියන් මෙහෙයවූ බෝධි පුජාවෙන් දයා අල්විස්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කෙරුණි.
මිට වසර කිහිපයකට පෙර දයා අල්විස් තිර රචනය ලියා සුදත් රෝහණ අධ්‍යක්ෂණය කල ලන්ඩන් නුවර රූපගත කළ "ඉරබට තරුව" ටෙලි නාට්‍යයේ දර්ශන ලන්ඩන් විහාරස්ථානයේදී රූපගත කරනු ලැබිය. එම දර්ශන සඳහා එහි චරිතයක් නිරුපණය කළ දයා අල්විස් ද සහභාගි විය.
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දයා අල්විස්ට සෙත් පතා ලන්ඩනයේ පින්කම්
දුමින්ද Thursday, 23 April 2015 11:10 AM
පිනම වේ එකම පිහිට (ම)
රැටියල Wednesday, 22 April 2015 03:09 PM
ඔබට ඉක්මන් සුව පතමි.! (ර)
දේදුනුපිටියේ උපනන්ද හිමි Thursday, 23 April 2015 04:36 PM
අල්විස් මහතාට ඉක්මන් සුවය ලැබේවා! (ස)