IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දමැස්කස් ජාත්‍යන්තර ප්‍රදර්ශනයට රොකට් ප්‍රහාරයක්

 

සිරියාවේ අගනුවර වන දමැස්කස් හි පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයක් ආසන්නයට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. 
 
‘දමැස්කස් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය’ නමින් හැඳින්වෙන වෙළෙඳ ප්‍රදර්ශනය පැවැති ස්ථානය ආසන්නයට රොකට් ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සිරියානු ආර්ථික කැලැන්ඩරයේ ප්‍රධාන ඉසව්වක් වුවද 2011 වසරේ මාර්තු මාසයේදී සිරියානු සිවිල් යුද්ධය ඇරඹීමෙන් පසු එය නොපැවැත්විණි. 
 
මෙවර වෙළෙඳ ප්‍රදර්ශනයේ පැවැත්වූයේ වසර පහකට පසුය. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (20) දිනයේදීය. 
 
ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු මියගිය බව බ්‍රිතාන්‍ය පදනම් කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය සඳහන් කළේය. ප්‍රහාරයෙන් දහයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම ආයතනයට අනුව රොකට් ප්‍රහාරය එල්ල වී ඇත්තේ වෙළෙඳ ප්‍රදර්ශනයට ප්‍රවේශ වන ස්ථානයටය.  
 
(ඒ.එෆ්.පී 055)

 



අදහස් (0)

දමැස්කස් ජාත්‍යන්තර ප්‍රදර්ශනයට රොකට් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 691 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site