සිරියාවේ අගනුවර වන දමැස්කස් හි පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයක් ආසන්නයට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.
‘දමැස්කස් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය’ නමින් හැඳින්වෙන වෙළෙඳ ප්‍රදර්ශනය පැවැති ස්ථානය ආසන්නයට රොකට් ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සිරියානු ආර්ථික කැලැන්ඩරයේ ප්‍රධාන ඉසව්වක් වුවද 2011 වසරේ මාර්තු මාසයේදී සිරියානු සිවිල් යුද්ධය ඇරඹීමෙන් පසු එය නොපැවැත්විණි.
මෙවර වෙළෙඳ ප්‍රදර්ශනයේ පැවැත්වූයේ වසර පහකට පසුය. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (20) දිනයේදීය.
ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු මියගිය බව බ්‍රිතාන්‍ය පදනම් කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය සඳහන් කළේය. ප්‍රහාරයෙන් දහයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම ආයතනයට අනුව රොකට් ප්‍රහාරය එල්ල වී ඇත්තේ වෙළෙඳ ප්‍රදර්ශනයට ප්‍රවේශ වන ස්ථානයටය.
(ඒ.එෆ්.පී 055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd