ප්‍රතිකාර සඳහා ඔක්සිජන් වායුවෙන් පිරි අධි පීඩන කුටීරයකට බහා සිටි රෝගියෙකු එහි සිට දුම් පානය කිරීම නිසා කුටීරයත් සමග පුපුරා ගොස් මරුමුවට පත්ව ඇති පුවතක් චීනයේ නැක්සිගොන්ග් ප්‍රදේශයෙන් වාර්තා වේ.
කුටීරයෙන් පිටත සිටි අය පවසන්නේ එක්වරම බෝම්බයක් පුපුරන්නාක් වැනි ශබ්දයක් ඇසුණු බවයි.බැලු කල්හි කුටීරයේ දොර විවර වී තිඛෙනුද හාත්පස ගිනි ජාලාවකින් වැසී තිඛෙනුද දැකගත හැකිවූ බව ඔවුහු පවසති.
වහ වගා ගින්න නිවා දැමුවත් රෝගියාගේ දිවි ගලවා ගැනීමට නොහැකිවූ බව ඔවුහු කියති.
උණුවී ගිය දුම්වැටි දල්වනයක් කුටීරයේ තිබී හමුවීමෙන් ගින්නට හේතුවද නොරහසකි.
වෛද්‍යවරු පවසන්නේ ගිනි පුපුරු වැටී කුටීරයේ තිබුණු ඇද ගිණිගෙන ඇතැයි පෙනෙන්නට තිඛෙන බවයි.
කුටීරයේ පිරී තිබුණු ඔක්සිජන් නිසා ගින්න දහස් ගුණයකින් වර්ධනයවී ඇවිලෙන්නට ඇතැයි ඔවුහු කියති.
මෙසේ අධි පීඩන ඔක්සිජන් පිරි කුටීරයන්ට රෝගීන් බහා තබන්නේ තුවාළ සුවවීම වේගවත් කිරීම සදහාය.කුටීරයේ ඇති ඔක්සිජන් රුධිරය සමග මුුසුවීම නිසා රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවී එහි ප්‍රතිඵලයක් ලෙස ෙසෙලයන්ගේ කි්‍රයාකාරීත්වයද වැඩිවී කටයුතු ඉක්මන් වන බව සොයාගෙන ඇත.
රෝගියාගේ ඥාතීන් පවසන්නේ රෝහල් කාර්යමණ්ඩලය මිීට වඩා සැළැකිලිමත්ව විය යුතුව තිබුණු බවයි.
රෝගියා පළමුවර කුටීර ප්‍රතිකාරයට යොමු කළ විට හොදින් පරීක්ෂා කර යැවූ බවත් දෙවන වර යොමු කිරීමේදී එසේ පරීක්ෂා කිරීමක් සිදුනොකළ බවත් වෛද්‍යවරු කියති.
දෙවන වර යෑමේදී සියලූදෙනාගේ ඇස් වසා දුම්වැටියක් කුටීරයට ගෙන ගොස් තිඛෙන බවක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්වැටිය මිනිමරයි