IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දුම්රියෙන් වැටුණු බබා නොමැරේ

ධාවනය වෙමින් තිබූ දුම්රියක වැසිකිළියේ දී මවකගේ කුසින් දරුවකු බිහි වී දුම්රිය මාර්ගයට වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ රාජස්ථාන් හි සුරත්ගාර් සිට හනුමන්ගාර් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙය සිදුව ඇත. විළිරුදාවෙන් පෙළෙමින් සිටි මව වැසිකිළියට ගිය අවස්ථාවේ දරුවා උපතලබා දුම්රිය මාර්ගයට වැටී ඇත. දුම්රිය මාර්ගය අසළ සිටි පුද්ගලයකු දරුවා හඬන ශබ්දය ඇසී දරුවා රෝහල් කත කැර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ වැසිකිළියේ දී දරුවා ප්‍රසූතකළ ‘වනු‘ නමැති කාන්තාව සිහි නැතිව රාජස්ථාන් රෝහලට ඇතුලත් කළ බවයි. කෙසේ වෙතත් දරුවාත් මවත් දෙදෙනාම සුවසේ සිටින බව ද රෝහල් ආරංචිමාර්ග පවසයි. දරුවාට අනතුරක් සිදුව නැතත් අඩුබර දරුවකු බැවින් දින කිහිපයක් රෝහලේ තබාගැනීමට සිදුවන බව ද රෝහල් බලධාරීන් ඉන්දීය මාධ්‍ය්‍යට කියා ඇත.



අදහස් (0)

දුම්රියෙන් වැටුණු බබා නොමැරේ

දුමින්ද Thursday, 19 February 2015 07:48 AM

අනේ දරුවගේ වාසනාවක් තිබිලා තියෙනවා (දිල්)

:       0       0

දසත් Wednesday, 18 February 2015 11:50 AM

කර්මය සහ පුනර්භවය කියන්නේ ඕකට තමා. කෙනෙක් ඉපදෙන්නේ යම් කර්ම ශක්තියක් හේතුකොටගෙනද, එය අහෝසි වනතෙක් ජීවත්වෙනවා. මේ ලෝක පාලන ධර්මයයි (නි)

:       0       0

ගෝඨාභය Saturday, 21 February 2015 09:05 AM

දරුවා හරිම වාසනාවන්තයි (නදී)

:       0       0

තිලක් Friday, 20 February 2015 12:43 PM

දරුවෙකු ඉපදෙන විට ගර්භාෂයේ සිට පිටතට යාමට අවශ්‍ය පරිදි හිස එබෙන සුළු බවකින් සහ සිරුර නම්යතාවයකින් යුක්ත වෙනවා. ඒ සේම බොහෝ සතුන් පැටවුන් බිහිකරන්නේ සිටගෙන. ඒ ගුරුත්වා කර්ෂණය අධාරයෙන් බිහිවීම පහසු කරගන්න. එවිට පැටවා යම් කිසි උසක සිට බිමට වැටෙනවා. එසේ වැටෙන විට කිසිම හානියක් නොවෙන්නයි එහෙම නම්‍යශීලී බවක් පවතින්නේ ඉතින් මේ අසාමාන්‍ය සිදුවීමේදී එම ස්වාභාවික ආරක්ෂක වැඩ පිළිවෙල මොන තරම් සාර්ථකද කියල ඔප්පු වෙනවා. මෙය කර්මය හෝ අද්භූත බලයක් නොවෙයි. (ර)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 21 February 2015 12:48 PM

ඉන්දියාවේ තත්ත්වය ඕක තමයි. දුම්රියේ වැසිකිළි මාර්ගය වැටෙන්නේ දුම්රිය මාර්ගයටමයි. (නි)

:       0       0

වර්ෂා Friday, 20 February 2015 02:38 AM

ජයවේවා ! (නදී)

:       0       0

සුමිත් Friday, 20 February 2015 06:13 AM

පින සැමදා විපාක දෙනවා .(දිල්) 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site