චුම්භක බලයෙන්  පිල්ලට  ඉහළින්  පාවි  ගමන්  කරන ජපාන දුම්රියක් ෆුජි කන්ද  අසල අත්හදා බැලීමේ  ධාවනයක දි පැයට  කිලෝ මිටර  603 ක වාර්තා ගත වේගයක්  වාර්තා  කළේය.

එම දුම්රිය මීට  කලින්  ධාවනය වු  උපරිම  වේගය පැයට කිලෝ මීටර 590 කි. විද්‍යුත්  බලයයෙන් ආරෝපණය කැරෙන කාන්දම්  මගින්  එම දුම්රිය මැදිරි  පිල්ලට   ඉහළින් එස වි  ගමන්  කරයි. මේ දුම්රිය මධ්‍යම ජපානයේ  දුම්රිය සේවයට අයත්  වේ. 2027 වන විට ටෝකියෝ හා  නගෝයා නගර අතර  දුම්රිය සේවය ඇරඹිමට යයි. කිලෝ මිටර  280 ක දුර  මිනිත්තු  40 කින් සපුරාගත හැකි වෙතියි දුම්රිය සේවය කියයි. එය දැනට   වැය වන  කාලයෙන්  අඩකට මදක්  අඩුය. මැග්ලෙව්  නමින්  හැදින්වෙන මෙම දුම්රිය පැයට කිලෝ මීටර්  803 වේගයෙන්  ධාවනය නොකරන   බවත්  එහි උපරිම වේගය පැයට  කිලෝ මීටර  505 ක්  බවත්  දුම්රිය සමාගම්  කියයි. ජපානයේ  “බුලට්  ට්‍රේන්”  නමින්  හැදින්වෙන ෂින්කැන්සන් දුම්රියේ උපරිම වේගය පැයට  කිලෝ මීටර්  320 කි.

Japan-maglev-train-