නැගෙනහිර ඉංදියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලිපැනීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සියගණනක් තුවාල ලබා සිටිති.
මෙම අනතුර සිදුවී ඇත්තේ දේරඩුන් සිට වරනාසි අතර ධාවනයේ වු ජන්තා එක්ස්ප්‍රස් නැමැති දුම්රියේය. බච්රවන් ග්‍රාමය අසලදී මෙම දුම්රියේ එන්ජිම සහ පෙට්ටි දෙකක් රේල් පීලිවලින් ඉවතට පැන අනතුර සිදුව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
උත්තර ප්‍රාන්ත කනිෂ්ඨ දුම්රිය අමාත්‍ය මනෝජ් සිංහ මෙම අනතුරට හේතු සොයා බැලීම සඳහා පරික්ෂණයක් ආරම්භ කරණ ලෙස නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ඉන්දියානු දුම්රිය ජාලය මගින් දිනකට දුම්රිය ගමන් 12000 ක් ක්‍රියාත්මක කරවන අතර මගීන් මිලියන 23ක් ඒවායේ ගමන් කරති. මෑත ඉතිහාසයේ ඉංදියාවේ දුම්රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති ඉල්ලා අස්වුණාද? (ම)