ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දි මගී දුම්රිය දෙකක් පිලී පැනීමෙන් 24 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ දුම්රිය දෙක හර්දා නගරය ආසන්නයේ වූ ගඟකට ඉහළින් ඇති පාලමක් මතින් දෙපසට ධාවනය වෙමින් තිබිය දී පිලී පැන ඇතැයි එරට දුම්රිය බලධාරීන් පවසයි. දුම්රිය පීලි පනින අවස්ථාවේ අධික වර්ෂාව හේතුවෙන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පාලම මත සුළු වශයෙන් ජලය තිබී ඇත. දුම්රිය පීලි පැනීමට හේතුව පාලම මත වූ ජලය බව ද බලධාරීන් පවසයි.

වාරණාසිවල සිට මුම්බායි දක්වා ගිය දුම්රිය ප්‍රථමයෙන් පීලි පැන්න බවත් මුම්බායි සිට වාරණාසිවලට යමින් තිබූ දුම්රිය ඉන් මිනිත්තු දෙකකට පමණ පසු පීලි පැන්න බවත් දුම්රිය බලධාරීන් මාධ්‍යයට පවසා ඇත. දුම්රිය මැදිරි කිහිපයක් ගඟට වැටී තිබිණි. ඇතැම් පෙට්ටිවලට ජය පිරීමට පටන්ගත් බවත් ගඟට වැටුණු මැදිරිවල සිටි 300ක් පමණ පිරිසක් කඩිනමින් බේරාගත් බවත් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය පීලි පනිද්දී කොපමණ පිරිසක් එහි ගමන්කරමින් සිටියේ ද යන්න පිළිබඳ වාර්තා නැත.

_84677569_84677079 _84677578_84677085 _84677582_gettyimages-482976674