ටොන් 90ක් බරැති දුම්රියක් ඔසවා මගියකු බේරාගැනීමට ඕස්ට්‍රේලියාවේ දුම්රිය මගීහු සමත් වූහ. පර්ත් නගරයට කිලෝ මීටර නමයක් ගිනිකොණ දිගින් පිහිටි ස්ටියර්ලින්ග් දුම්රිය ස්ථානයේ දී දුම්රියට නැගීමට ගොස් පය ලිස්සා ගිය පුද්ගලයකුගේ පාදයක් දුම්රිය හා වේදිකාව අතර හිරවිය.
මගියා හිරවිමත් සමගම දුම්රිය ඉදිරියට හෝ පසුපසට නොගන්නා ලෙස දැනුම් දුන් පිරිසක් එහි සිටි සියළු දෙනාගේ සහයෝගය ලබා ගනිමින් දුම්රිය ඔසවා හිරවූ පුද්ගලයා ගලවා ගත්හ.
විනාඩි දහයක් වැනි සුළු කාලයක දී ඔහු බේරාගැනීමට පිරිස සමත් වූහ. ඒ වනවිටත් ඔහු රෝහලකට ගෙන යාමට ගිලන්රථයක් පැමිණ තිබුණ ද ඔහු තුවාල කිසිවක් සිදුව තිබුණේ නැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගනී මිනිස්සු (නි)
උතුම් මිනිස්සු. (නි)
වසනා වන්ත මනුස්සයෙක් (අ)
මෙන්න එකමුතුකමේ බලය! (නි)
ඔන්න මිනිස්සු. උත්තමාචාරය ශ්‍රී ලංකාව වෙනුවෙන් (නි)
කලයුතු වෙලාවට, කලුතුදේ කරන්ඩ ඕනේ.. හදවතින්ම ස්තුතිකරමු සියලු දෙනාට ...(දී)
සමගිය බලය වේ. (නි)
මේ අනතුරේ සම්පුර්ණ වීඩියෝ එක මම බැලුව. කවුරුවත් තමන්ගේ ජංගම දුර කථන වලින් පොටෝ අරගන්ඩ යන්නේ නැහැ.(අ).
උතුම් ජනතා එකමුතුවක්. මල් මිටක්. (නදී)
අපේ අය මේ වගේන්වත් පාඩම් ඉගෙන ගන්නවානම් හොඳයි (දී)
අපෙත් මිනිස්සු ඉන්නවා ඕනෑම මොහොතකදී උදවුවට එන (දී)
ඇත්තෙන්ම මනුස්සත්වයේ උපරිම බව දැනෙනවා. ලකී, එ්ක ඇත්ත. (නදී)
අපේ අයත් ඉන්නවා ඔයිට වැඩිය උදව් කරලා තියෙන. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා මගීන්ට මගේ උත්තමාචාරය! (දී)
මේවා මිනිස්සුන්ගේ හොඳම එකමුතු කම් (දී)
අපේ රටේ නම් මේ මිනිහ මැරෙනකන් ෆොටෝ ගහලා.ඕක ෆේස්බුක් දාල ලයික් ටිකක් ගනියි.. (දී)
හරිම හොද පුවතක් සියලුම දෙනාට ආදර්ශයක්, අපේ මිනිස්සු නම් අහක බලාගෙන යනවා, සේරම නෙවේ, (දී)
මේක ලංකාවේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්.දැන් දැන් හුඟක් මිනිස්සු කාට හරි විපතක් වුනාම පිහිටට එන්නේ නැහැ. හැමදේම සිදු වෙලා ඉවර වුනාම පව් කියල බොරුවට කියනවා. ඕස්ට්‍රේලියාවේ මිනිසුන් හැමෝම වගේ විපතකදී අනුන්ට පිහිට වෙනවා. ඔස්ට්‍රේලියාව රටක් හැටියට දියුණු වීමට ත් සමාජයක් ලෙස ප්‍රසන්න වීමටත් මේ ගතිය එක හේතුවක්. ලංකාවේ මිනිසුන් සමාජයක් ලෙස පිරිහෙන්නේ ආත්මාර්ථකාමී ගතිය නිසා. (දී)
ආදර්ශමත් වැඩක් ,ගොඩාක් හොද වැඩක් (දී)
නියම හිතහොඳ මිනිස්සු ඕස්ට්‍රේලියාවෙ මේ ගුණ යහපත්කම් තියනවා සුපිරියි ඈ.... (දී)
අපේ රටේ ප්‍රවෘති කියන්නේ මිනීමෙරුම් මංකොල්ලකෑම් කාන්තා දුෂණ හොරකම් මැරකම් උනාට වෙන රටවල ප්‍රවෘතිවලට පෙන්වන්නේ මේවා තමයි (අ)
ලංකාවේ ඕක උනානම් අර මිනිහගේ කකුල කපනවා ෂුවර් (දී)
එක්සත්ව එක්සිත්ව එකතු උනාම කරන්නබැරි දෙයක් උනත් කරන්න පුළුවන්.(අ)
ලංනාවේ නම් සියළුම රුප නාලිකා එතැන. හොදට මාකට් කරනවා. (අ)
මිනිස්සු ගැන පුදුම ආදරයක් ඇති වෙනවා මේ වගේ සිද්දි දැක්කම (අ)
එකමුතුකම තියෙනවනම් කරන්න බැරි දෙයක්නැහැ.මෙවැනි දේවල් හැමෝටම අාදර්ශමත් වේවා !!!(අ)
අපේ දුම්රියක වුණා නම් රියදුරාට දන්වන්න විදිහක් නැහැ. මෙහෙ හැම දුම්රිය මැදිරියකම සිට රියදුරාට කතා කරන්ඩ ඉන්ටකොම් පද්ධතියක් තියනවා. රියදුරාට බලන්න පුළුවන් දුම්රියේ හැමතැනම.කැමරා සවිකරලා තියනවා. (නි)
පෙර වාසනාවක් ඒ මනුස්සයාගේ..(අ)
මෙන්න උතුම් මිනිස්සු. (අ)
ලංකාවේ විද්‍යුත් නාලිකාත් බලාගෙන ඉන්නේ මොකාක් හරි කුණු ගොඩක් දාල රසයක් පෙන්නන්නනේ ඒකනිසා තමා ලංකාවේ වැසියොත් හැම කෙහෙල්මලම වීඩියෝ කරන්නේ.(අ)
අහන්නත් සතුටුයි උතුම් දෙයක් (අ)
ලංකාවෙ මෙහෙම වුණා නම් ඒකටත් අපේ පවතින රජය තමයි පළි. (නි)
එකමුතුකම ලෝකයටම පෙන්වූ අවස්ථාවක්. (අ)
මෙහෙම කරදරයකදී මෙහෙ මිනිස්සු කිසිම භේදයක් නැතිව එකතු වෙනවා. (දී)
ලංකාවේ මේ වගේ උනානම් කට්ටිය මෙහෙම එකතු වේවිද? (දී)
මනුස්ස ජීවිතයක වටිනාකම දන්නා මිනිසුන් සිටිනා රටවලින් මෙවැනි දේ අපිට ආදර්ශයක් ...? (දී)
භයානකයි (දී)
නියමයි. සුපිරි වැඩක් (නි)
නියමයිනේ! (නි)
මනුස්සකම මතු වෙච්චි වටින අවස්ථාවක්. ලෝකේ කොහෙත් යහපත් මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. සුළු පිරිසකගේ අයහපත් දේ වැඩියෙන් ප්‍රචාරය වුනාට. අමතක කරන්න එපා ලංකාව යහපත් මිනිස්සු ඉන්න රටක්. (දී)
ලංකාවෙත් ඉන්නව මේ වගේ හොද මිනිස්සු .... කවුද නෑ කියන්නෙ (දී)
ඇත්තටම මේ වගේ දේවල් අගය කරන්න ඕන. මේ වගේ අවස්ථාවක වැදගත් වන්නේ අනතුරට පත් පුද්ගලයා බේරා ගැනීමට කටයුතු කිරීමයි. ඒ වාගේම එය ඉතා ඉක්මණින් කළයුතුයි. ලංකාවෙත් මේ වගේ රිය අනතුරු ඇතිවූ අවස්ථාවලදී පුද්ගලයන් බේරා ගැනීමට ඒ අසල සිටි අය ක්‍රියාකර තිබුණා. කෙනෙකුට කරදරයක් වුණාම ඒ අයට උදවු කිරීම මනුසත්කමේ කොටසක් බව ලෝකයාට බලාගන්න මේක හොඳ උදාහරණයක්. (දී)
සංජය කියන දේත් ඇත්තක් තියෙනවා. (දී)
ලංකාවේ නම් මේකටත් කමිටුවක් පත් කරනවා (දී)
ලංකාවෙත් ඒ වගේ එක එක වැඩ කරනවා නම් ගොඩක් හොඳයි කියලා මන් හිතන්නේ. මනුස්සයෙකුට කරදරයක් උනාම ෆොටෝ ගහ ගහ ඉන්නේ නැතුව උදව් කරන එකයි අපේ යුතුකම (නදී)
ඇත්තටම ගොඩක් වටිනා උතුම් වැඩක් ඒ වැඩේට උදව් වෙච්ච හැමෝටම ගොඩක් පින්..............ඒ වගේම අපේ රටේ ඉන්න මිනිසුන්ට එ්ක හොඳ පාඩමක්.......අපේ එකමුතු කම මනුස්ස කම නැති වෙන මේ කාලේ ඒ රට වල වෙලා මිනිස්සු ඒ හොද ගති ගුණ දියුණු කර ගන්නවා.(අ)
ඒ රටවල මිනිස්සු අපේ රටේ අය වගේ නෙමෙයි (නි)
නියම මිනිස්සු (නදී)
ඇත්තටම ආදර්ශවත් වැඩක්. අපේ රටෙත් මේ වගේ අය ඉන්නවා. නැහැ කියන්න එපා (නි)
මනුසත්කමේ සංකේතයක් (අ)
වාවූ නියමයි. එහෙම තමා ඉන්න ඕන . (අ)
මේවාට ප්‍රතිචාර දානවත් අඩුයි අපේ අය (නි)