එංගලන්තයේ පස්වැනි මහමෙව්නා අසපුව වොරින්ටන් නුවරදී පසුගිය නිකිණි පුන් පොහොය දිනයේදී සඟ සතු කැරිණි.

උතුරු එංගලන්තයේ මනස්කාන්ත මර්සි ගංගා ඉවුරෙහි පිහිටි  වොරින්ටන් නගරය වඩාත් ජනාකීර්ණ ලිවර්පුල් සහ මැන්චෙස්ටර් නගරයන්හි සිට කිලෝ මීටර් 25ක් පමණ දුරින් පිහිටි මධ්‍යම ප්‍රමාණයේ නගරයකි. මේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බොදුනුවන්ගේ ඉල්ලීම මත වොරින්ටන් මහමෙව්නා අසපුව ආරම්භකරමින් සෙනසුන් මහ සඟරුවන වෙත පුජාකිරීමේ පිංකම අගෝස්තු 29 නිකිණි පුන් පොහොය දිනයේදී සිදුවිය.

ලන්ඩන් මහමෙව්නා මුලස්ථානවාසි පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන ආරම්භක පිංකම සඳහා බුද්ධ පුජා, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, සිරි ගෞතම බෝධි වන්දනාවක් සහ පරිත්ථාන ධර්ම දේශනාවක් ඇතුලත්විය.

ආරම්භක පිංකම සඳහා අසපුව ආසන්නයේ පදිංචි බොහෝ පිරිසක් සහභාගිවුහ.

සියලුම දෙනා වෙත පිරිත් පැන් සහ පිරිත් නුල් ලබාදෙනු ලැබිය.

වොරින්ටන් මහමෙව්නා අසපුව පිහිටා ඇත්තේ 98, කාර්සල් ග්‍රීන්, කිංස්වුඩ්, වොරින්ටන් ඩබ්ලියු ඒ 5, 7 එක්ස් ඒ යන ලිපිනයේය. දුරකථනය 01925 900155 සහ 07880495329 ය.

ඉඩ පහසු සහිත විහාර ගොඩනැගිල්ල බුදුමැඳුරක්, දාන ශාලාවක්, පොත්ගුලක්,මුළුතැන්ගෙයක් ඇතුළු අනෙකුත් සියලු පහසුකම් වලින් යුක්ත වෙයි. දැනට මෙහි සෑම දිනකම බුද්ධ පුජා, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, දාන සීල භාවනා වැඩකටයුතු පැවැත්වෙන අතර ඉදිරියේදී දහම් පාසැලක්ද ආරම්භ කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇත.

ලන්ඩන් නුවර වොට්ඵර්ඩ් නගරයේදී 2007 බ්‍රිතාන්‍යයේ ප්‍රථම මහමෙව්නා අසපුව ආරම්භ විය. බැසිල්ඩන්, ඉෂර්, අක්ස්බ්රිජ්, ස්ටැන්මෝර් සහ වොරින්ටන් යන නගරයන්හි අසපු ශාඛා පිහිටුවා ඇත.

London-mahamevnawa_2015831pic1 London-mahamevnawa_2015831pic2 London-mahamevnawa_2015831pic3 London-mahamevnawa_2015831pic4 London-mahamevnawa_2015831pic5 London-mahamevnawa_2015831pic6