තම දෙමාපියන් දුම්පානයෙන් තොරවුවත් ළමයින්ට දුම්බීමෙන් ඇතිවන පිළිකා අවධානමක් පවතින බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. තෙවන පාර්ශවයන්ගේ සිගරැට් දුම් වල විෂ රසායනිකයන් නිවෙස් තුළ දුවිළි සමග සැඟවි තිබීම ඊට හේතුවයැයි පර්යේෂකයෝ කියති.
මාරාන්තික විෂ රසායන දුම්බීමෙන් තොර නිවෙස් තුලට ගෙනඑනු ලබන්නේ මිනිසුන්ගේ ඇඳුම් වල තවරාගෙන හෝ මතුපිට පෘෂ්ඨයන් තුල එක් කර ගැනීමෙනි. සිගරැට්වල දුම් රොටු දුම් නොබොන නිවෙස් වලට පැතිරයාම හේතුවෙන් එම නිවෙස් වල වැඩි හිටියන් මෙන්ම තරුණ පිරිස් ද මෙම අවධානමට ලක්වෙති.
යෝර්ක් විශ්ව විද්‍යාලය කළ අධ්‍යනයකින් හෙලිවු කරුණු ප්‍රකාශයට පත්කර ඇති ජාත්‍යන්තර පරිසර සඟරාවට අනුව හෙලි දරව් වී ඇත්තේ දීර්ඝ කාලීනව මෙම තත්වයට නිරාවරණය වීමෙන් වයස අවුරුදු 1 සිට 6 දක්වා ළමයින් දැඩි අවධානමට ලක්වන බවයි.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ආචාර්ය ජැකලින් හැමිල්ටන් පවසන්නේ සිගරැට්ටුව නිවා දැමුව ද ඉන් සිදුවන හානිය අවසන් නොවන බවයි.
ලෝකයේ සක්‍රීය දුම් පරිසරයේදී ආඝ්‍රාණය කිරීම හේතුවෙන් වසරකට 600,000 ක් දෙනා මියයති. බොහෝ රටවල් ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කර තිබීම හේතුවෙන් සක්‍රීය දුම් ආඝ්‍රාන ස්ථාන බවට පත්ව ඇත්තේ නිවෙස්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොච්චර හේතු තියනවද. (අ)
පවු අහිංසක දරුවෝ! (නි)
අපේ දුම්කොළ සමාගමට මෙහෙම හිතෙන්නේ නැති හැටි? (නි)
ඔය ලක්ෂ හය අඩු කරගන්ඩ උත්සහ කරනවා වගේම කොලෙස්ටරෝල් සහිත ආහාර නිසා වසරකට මියයන ලක්ෂ තිහත්, දියවැඩියාව නිසා මියයන ලක්ෂ පනහ ගැනත් හිතන්න ඕනෑ. (නි)