IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුප්පත්කම මළ ගමටත් හරස් වේ

අතමිට හිගකම නිසා සිය මළ දියණියගේ මළසිරුර පොදු ප‍්‍රවාහන සේවයට අයත් බස්රථයකින් නිවෙස වෙත රැගෙන යාමට තැත්කළ මව්පිය යුවළක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.

තෑගි කොළ වල එතූ මළසිරුරද රැගෙන බස්රථයට නැගීම සදහා තම වාරය පැමිණෙන තෙක් බලා සිටි මේ මව්පිය දෙපළ දුටු අනෙක් මගීන් සිතා ඇත්තේ මේ ඔවුන්ගේ දරුවන්ට ගෙන යන තෑග්ගක් වන්නට ඇති බවයි.

බස් රථයට මගීන්ගේ ගමන් මලූ ආදිය පැටැවීමට ප‍්‍රථම සේවකයන් ඒ සියල්ල ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඔවුන්ගේ ඉමහත් පුදුමයටත් පිළිකුළටත් හේතු වනසේ තෑගි කොළ වල ඔතා තිබූ මළසිරුර හසුවී තිබේ.

වහාම පොලිසිය කැඳැවීමට ඔවුන් කටයුතු කර ඇත.එතැනට පැමිණි පොලිස් නිළධාරීන් හමුවේ හඩාවැවී ඇති මව්පිය දෙපළ පවසා ඇත්තේ රෝගයක් උත්සන්න වීමේන් රෝහලේදී මියගිය සිය දියණිය නිවස වෙත ගෙන ඒමට අවමගුල් කටයුතු සංවිධානය කරනා ආයතනවල සේවය ලබාගැනීමට තැත් කළත් ඒවායේ සේවාව ඉතා මිල අධික වූ බැවින් මේ ආකාරයට හෝ දියණියගේ දේහය නිවස කරා ගෙනයාමට උත්සාහ කළ බවයි.කිසිවෙකුටත් හිරිහැරයක් නොවනසේ මළ සිරුර ගෙන යාමට සූදානම් කළ බවත් මේ සියල්ල දුප්පත්තම නිසා බවත් ඔවුන් දෙපළ පොලිස් නිළධාරීන් හමුවේ කියා ඇත.

පොදු ප‍්‍රවාහන සේවා යොදාගෙන මළ සිරුරු ප‍්‍රවාහනය කිරීම චීනයේ නීතියෙන් තහනම් වුවත් මේ සියල්ලට සවන් දුන් පොලිස් නිලධාරීන් දඩුවම් කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කර යැවීමට කටයුතු කර තිබේ.



අදහස් (0)

දුප්පත්කම මළ ගමටත් හරස් වේ

ගාමිණී Thursday, 25 April 2013 09:55 PM

පුර සාරම් දෙඩුවේ නැතත් වයාපාරික ලෝකයේ අගතැන් පත් චීන රටේ ජනතාව මේ තරම් දුක්කිතද?(නදී)

:       0       0

සිතිර Friday, 03 May 2013 04:52 AM

ආර්ථිකේ කොහොම වුණත් හරිම හොඳ පොලිසියක් චීනේ තියෙන්නේ. (නි)

:       0       0

රාජු Friday, 26 April 2013 12:02 AM

අපිට ණයදෙන චීනය.(නදී)

:       0       0

මුරුගන් Friday, 26 April 2013 01:19 AM

සදරුවන්, ද සිල්වා,මේක කියෙවුවද? ඔහෙලා ආවඩන්නේ මෙන්න මේ රටට. ලෝකේ දෙවැනි ආර්ථිකේ. ලෝකෙටම ණය දෙනවා. ඇමරිකන් විරෝධියන්ට හුලන් ගහන්න යුවාන් විසිකරනවා කෝටි ගණන්. මොකෝ මිනිස්සුන්ට උද්ගෝෂණ කරන්න පුළුවන් කියලැයි? (නි)

:       0       0

ශාලිකා Friday, 26 April 2013 01:34 PM

මෙතන තියෙන ගැටලුව රෝගයකින් ආසාදනයට ලක්වූ කෙනෙක් එසේ පුද්ගලික නැත්නම් පොදු ප්‍රවාහන සේවයකින් ‍රැගෙනයාම. චීනයේ සෞඛ්‍ය සේවය ගැන කවර කතාද?ප්‍රතිශක්තිකරණ එන්නතටත් සල්ලි ගන්න කොට.(නදී)

:       0       0

සුගත් Friday, 26 April 2013 10:48 AM

ලෝකේ දියුණුම රට කියන ඇමෙරිකාවෙත් ඔය ටිකම තමයි. මුරුගන් කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site