ලොව ඇතැම් රාජ්‍ය නායකයින් ආරක්ෂක රථ පිරිවරාගෙන මහ මග ගමන්කරන්නවුන් සතයකට මායිම් නොකර යද්දී ලොව දිළිඳුම ජනපති ලෙස හැඳීන්වෙන උරුගුවේ පාලක ජෝසේ මුජිකා පාරේ අතරමංව සිටි පුද්ගලයෙකුට පසුගියදා තම දුප්පත් වොක්ස්වාගන් මෝටර් රථයේ ඉඩ ලබාදුන්නේය.
එම අතරමංව සිටි පුද්ගලයා පවසන ආකාරයට මේ සිටින්නේ රටේ ජනාධිපති යැයි ඔහු දැනගෙන ඇත්තේ මෝටර් රථයට ගොඩවූවාට පසුය.ජනපතිවරයාගේ මෝටර් රථය පැමිණීමට පෙර තමන් පසුකර මෝටර් රථ විස්සක් තිහක් පමණ ධාවනයවූ බවත් ඒ කිසිවක් තමන් ගණනකටවත් නොගත් බවත් ඔහු කියයි.
නගරාසන්නයේදී ජනපතිවරයාගෙන් සමුගෙන ඇති ඔහු මේ අපුරු සිදුවීම සිහිවනු වස් ඡායාරූප කිහිපයක්ද ගෙන ඇත.ඒවා දැන් අන්තර්ජාලයට එක් කෙරී තිබේ.
ලොව රාජ්‍ය නායකයින් හා සැසදීමේදී ඔවුන් අතරින් දිළිඳුතම පාලකයා වන්නේ ජොසේ මුජිකා යැයි පැවසීමේ වරදක් නැත.නිවසත්,ගොවිපළත් ඔහුගේ ගමන් සගයා වන නිල් පැහැ වොක්ස්වාගන් ඉබ්බා කාරයත් හැරුණු කොට ඔහු නමට කිසිදු දේපළක් නොමැත.ජනාධිපති ලෙස ඔහුට ඩොලර් එකොළොස්දහසක පමණ වැටුපක් ලැබෙන අතර එයද ඔහු පරිගත්‍යාග කරන්නේ සුභසාධන කටයුතු වලටය.
සරල දිවි පෙවෙතක් ගත කළත් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට ජොසේ මුජිකා අමතකර කර නැත.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැඩි ලෙස මර්දනය කිරීමට ඔහු රටේ නීති හා පණත් සකස් කර තිබෙන්නේ උරුගුවේහි අසල්වාසීන්ටත් ආදර්ශයක් වන පරිදිය.රට ගොඩනැගීමට කැපවී සිටින ඔහු කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෙක්ද වේ.
වරක් ඔහු අල්ජසීරා පුවත් සේවය හා පැවැත්වුනු සාකච්ඡාවකදී විශේෂ දෙයක් පැවසීය.එය සියලූ රාජ්‍ය නායකයින් හට ආදර්ශයට ගත හැකි කියමනකි.
‘ජනාධිපති කියන්නේ ඡන්දයකින් පත්වෙන මුල් පෙළේ රාජ්‍ය නිළධාරියෙක්.ඒක විශාල වගකීමක් තිබෙන රැකියාවක්.ජනාධිපතිවරයා වන පුද්ගලයා රජෙකුවත්,දෙවියෙකුවත්,නැතිනම් අර අපි‍්‍රකාවේ ගෝත‍්‍ර ජනතාව බුහුමන් කරන යකදුරෙකු වගේ පුද්ගලයෙකුවත් නෙවේ.
ජනාධිපති කියන්නෙත් රජයේ සේවකයෙක්.මම හිතන්නේ රටේ නායකයා ජීවත් විය යුත්තේ රටක බහුතරය ජීවත් වන ආකාරයට කියා.එතකොට තමයි ඔහුට ඔවුන්ගේ සැබෑ දුක දැනෙන්නේ.තේරෙන්නේ.’




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා ලංකාදීප පුවත්පතේ මෙම ජනපතිතුමා ගේ චරිතාපදානය ඇතුළත් ලිපි පෙළක් පළ කරන්න. (නදී)
එතුමාට දරුවන් සිටිනවාද දන්නෙ නැහැ නේද? (නි)
අපේ නායකයන්ට මොකද මේ වගේ හිතලා ජීවත් වෙන්න බැරි ? (නදී)
අපෙත් හිටියේ මේ වගේ ජනාධිපති කෙනෙක් තමයි (නදී)
මෙන්න මිනිස්සු (නදී)
අපගේ ගරු මෛත්‍රී ජනාධිපතිතුමාත් ළඟදි මහනුවරදී කහඉරෙන් මාරුවෙන්න බලාසිටි පිරිසකට ඉඩදීම සඳහා වාහනය නතර කරන ලෙස තම රියදුරුට කී බවත් එසේ කළබවත් මම ඇසුවෙමි. (නි)
බන්දුල පෙරේරාට මේ පුවත දැකීමට ලැබෙත්වා. (නදී)
අපේ ගම්වලවත් මෙහෙම නිදහසේ ඉන්න මිනිස්සු දැන් නැහැ. මාළිගාවල් තනාගෙන, තාප්ප වලින් වටකරලා, කැමරා සවිකරගෙන, උජාරුවට ඉන්නවා බැංකුවට ඔක්කොම උගස් තියලා ණයවෙලා (නි)
අපේ ජනාධිපතිතුමාටත් මේ වගේම නොවුණත් රජෙකු නොවී ජනතාවට ළංවුණ නායකයෙකු වෙන්න ලැබේවා කියලා පතනවා! (නි)
මුදලින් පමණක් වත්කම් තක්සේරු කරන්නාද අනුවනයෙකි. ඔහු අන් අයට ළංවිය නොහැකි පොහොසතෙකි. ඒ ඔහුගේ හදවතේ ඇති අවංක කම සහ පොහොසත් බවයි! (බ)
මේ ජනාධිපතිවරයා හා සමාන තවත් එක ජනාධිපතිවරෙයෙක් ගැන සිහිගැන්වෙනවා. ඒ තමයි පිලිපීනයේ කලකට පෙර සිටි රමොන් මැග්සේ ජනාධිපතිවරයා. එතුමාගේ රාජ්‍ය කාලය නිමවුවිට එතුමාට යන්න පුද්ගලික නිවසක්වත් නොතිබූ බව සඳහන් වෙනවා. එතුමාගේ නමින් දැන් මහජනතා සේවයට විශිෂ්ට ලෙස කැපවූවන්ට " මැග්සේසේ ජාත්‍යන්තර සම්මානය" පිරිනමනු ලබනවා. (නදී)
මෙතුමා ලොව දනවත්ම ජනපති කියල මට නම් හිතෙන්නේ. මෙතරම් නිහතමානී උතුමෙක් ලැබෙන්න උරුගුවේ මිනිසුන් වාසනාවන්තයි (නදී)
මෙතුමා ලොව දනවත්ම ජනපති කියල මට නම් හිතෙන්නේ. මෙතරම් නිහතමානී උතුමෙක් ලැබෙන්න උරුගුවේ මිනිසුන් වාසනාවන්තයි (නදී)
මෙවන් ශ්‍රේෂ්ඨ ජනාධිපතිතුමෙක් ලබන්න උරුගුවේ ජනතාව වාසනාවන්ත වීම ගැන පොඩි ඉරිසියවකුත් හිතට එනවා. එතුමා ඇත්තටම පොහොසත් ගතිගුණ තියෙන රටකට අවශ්‍ය ගනයේ නායකයෙක්. අපේ නව ජනපති තුමාටත් මෙවන් සිත් පහළවේවා.! ඒ වගේම නව රජයේ සියලු මැති ඇමති වරුන්ට තමාගේ යහපාලන ගමනට ආදර්ශයක් ලෙස ගන්න මෙතුමාගේ ජිවිත කතාව පොතක් ලෙස ලබාදෙන්න කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා. (ර)
මෙන්න මිනිස්සු! (නි)
මංජුල, ඔබගේ අදහස 100%ක් සත්‍යයි. (නි)
රටේ වාසනාවට,අපේ දරුවන්ගේ වාසනාවට,ඉපදෙන්න ඉන්න දරුවන්ගේ වාසනාවට අපේ රටට නම් හොඳ කලක් උදාවුණා (නි)
ජනාධිපති කෙනෙක් වුණහම සුපිරි ජීවිතයක් ගතකරන්න ඕනෑ කියලා හිතන අයට මෙන්න නියම ආදර්ශයක් (නි)
ඒක තමයි වෙන්න ඕනේ.(හේ)
උරුගුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...(අ)
මෙවැනි ලිපි පළකරමින්,රටේ ජනතාව දැනුමින් ස්වයංපෝෂිත කරන්න දරන වෑයමට ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
අදහාගන්නත් අමාරුයි (නි)
රටකට අවශ්‍ය මේ විදියට සිතන ජනාධිපතිවරයෙක් තමයි. (නි)
සැබෑ නායකයෙක් (නි)
ලක්මාල් සමග 100% එකඟ වෙමි. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම බව මනාවට පසක් කරගත් මිනිසෙකි. (නදී)
ලංකාවෙත් මේ වගේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. අනුර කුමාර දිසානායක වගේ අය (නදී)
ඔබට මම හිස නමා ආචාර කරනවා. ඔබ වැනි උතුම් ජනපති කෙනක් මේ මුළු ලෝකයටම ආදර්ශයක් (නදී)
මෙන්න කවදාහරි ජනතාව කළගුණ සළකන නායකයෙක් ! (නි)
අපේ දහනායක ඇමතිතුමත් මේ වගේ දේවල් කරපු බව අමතකද ? (නදී)
නිහතමානී නායක තුමෙක්. මෙයාගේ ජීවිත කතාව පලකරන්න. අපේ රටට ආදර්ශයක් (නදී)
හරියට අපේ අය වගේමයි... (නි)
අපගේ ගරු මෛත්‍රී ජනාධිපතිතුමාත් ලඟදි මහනුවරදී කහ ඉරෙන් මාරුවෙන්න බලන් හිටිය පිරිසකට ඉඩ දීම සඳහා වාහනය නතර කරන ලෙස තම රියදුරුට කී බවත් එසේ කල බවත් ඇසුවෙමි. ඒ වගේම පාර්ලිමේන්තුවට පවා ගෙදරින් (දයාබර බිරිඳ) පිස දෙන බත් පාර්සලය ගෙනවිත් අනුභව කරන බවත් කියෙව්වෙමි. අපිත් ආඩම්බර විය යුතුයි ඒ උතතමයා පිළිබඳව. නමුත් අති බහුතරයක් දේශපාලකයන් කොහොමද? ඒ වගේම ළඟක දේශපාලකයෙක් එනවා නම් අපි බයේ ගැහෙනවා නේද ? එයාලගේ රථ පෙරහැර ආවේශ වුන මාරයා එනවා වගේ එනකොට ? ලඟින් යන පදිකයෝ, කුඩා වාහන මර බයේ අයිනට විය යුතුයි (නදී)
කලකට පෙර මම රාජකාරි කටයුත්තකට ආයතන ශාඛාවකට ඇවිදගෙන යද්දී පාරේ අපේ රටේ ලේකම්වරයෙකුගේ රථය ආරක්ෂක රථ පිරිවරා ගියේය. අතිශය ජනාකීර්ණ විදියේ සිටි සියල්ලන්ම කුණු මාළු ගොඩක් සේ අහළ පහළ ගොඩනැගිලි අස්සට සහ පාරේ අයින් වලට යවා රථ පෙළ යනතෙක් නොසෙල්වී සිටින ලෙස අණ ලැබිණ. ඉඩ ලබාගන්න තල්ලු වූ සෙනඟ අතරේ මා නැවතුනේ ජලය ගලායන කුණු කාණුවකය. (නි)
නායකයන් ආදර්ශවත් වන විට ජනතාවද බොහෝවිට එසේ වනු ඇත (නදී)
හොද මිනිසුන් ස්වාභාව ධර්මය විසින් ආරක්ෂා කරනවා. මේ කුහක මිනිසුන් අතර ඔබ තුමා ගොඩාක් පින්වන්ත කෙනෙක් (දිල්)
මේක හොද ක්‍රියාවක් (දිල්)
බුද්ධිමත් ජනතාවක් ඉන්නවනම් ඔවුන් ජනාධිපති රජෙක් ලෙස සලකා ඔහු කරන සැම වරද්දක්ම හරි කියන්නේ නැහැ , නමුත් අපේ රටේ සමහරුන්ට අවශ්‍ය රජෙක් මිස රජයේ සේවකයෙක් නොවේ (දිල්)
මේක නම් ආදර්ශමත් කතාවක් (දිල්)
බලයට පත්වන මන්ත්‍රී හෝ ඇමති හෝ ජනාධිපති රජුන් කරන්නෙත් නැතිකරන්නෙත් අපේම මිනිසුන්මයි. (නි)
පුදුමවෙන්න එපා!ලංකාවෙත් මේ වගේ නිහතමානී ජනාධිපති කෙනෙක් හිටිය. ඒ තමා විජේතුංග ජනාධිපතිතුමා. එතුමා තනතුර දරනකොට තිබුණු යුද්ධය නිසා එතුමාට ආරක්ෂාව සළසා තිබුනා මිසක් තනතුරෙන් ඉවත් වූ පසු එතුමා ගතකළේ සාමාන්‍ය ගැමියෙක් වගේ. (නි)
මේක තමයි වෙන්න ඕනේ.(හේ)
නිහතමානී නායකතුමෙක්.(හේ)
අනේ මෙයාත් හරියට අපේ හිටපු එක්කෙනා වගේමනේ. එයාටත් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ කැසිනෝ කාරයෝ පෙන්නන්න බැහැනේ. සාක්කුවේ දාගන්නවා (නදී)
මෙන්න නිහතමානී මිනිස්සු (නි)
අපේ රටට මේ වගේ නායකයෙක් පහළවෙන්නේ කවදාද? (නි)
තවත් දිගු කාලයක් නීරෝගීව ජීවත්වෙවා! සියලුම ජනාධිපතිවරුන්ට මෙය ආදර්ශයක් වේවා! (නි)
අපේ රටේ ගොඩක් අය අසරණයි.(හේ)
මේ වගේ උතුම් ජනාධිපතිතුමන්ලා මුළු ලොවටම ආදර්ශයක් (දිල්)
මෙතුමාට ලොව දිළිදුම ජනාධිපති කියන එකත් හිතට මදිකමක් වගේ. ඒ මොකද මෙතුමාගේ ක්‍රියාවන්, අදහස්, ගති පෙවතුම් බැලුවම මෙතුමා ලෝකෙම පොහොසත්ම ජනාධිපති.(හේ)
සියක් ආයු ලැබේවා! ජයෙන් ජය ලැබේවා! (නි)
ඔන්න ලංකාවටත් එ් වගේම නැතත්, සෑහෙන දුරට දුප්පත් හොඳ ගති ගුණ තියෙන අවංක ජනාදිපති අගමැති දෙන්නෙක් ලැබිල තියෙනවා. හැබැයි කවම දාවත් උරුගුවේ වගේ කෙනෙක් නම් ජීවිතේට පහල වෙන එකක් නැහැ (නදී)
පහලයගොඩ ගමේ ඉපදුන, ගමේ දෙවට ළිදෙන් නාපු , දුම්රියෙන් යාගොඩ ඉදන් කොලඹ ගිය අපේ ජනපති මෛත්‍රීටත් මේ වගේ වෙන්න බැරි නැහැ (නදී)
, මෙන්න නියම නායකයෝ, ඒකටඅපේ හිටපු අය .. පවුල පිටින් කාල කාලා රට විනාශ කරලා පෙරේත කම ඒත් ගිහින් නෑ , ආයෙමත් ජාතිවාදය අවුසස්ලා රට ගිනි තියලා හරි බලයට එන්න තමයි බලන්නේ. (අ)
මිනිසෙකු පොහොසතෙකු වන්නේ ඔහු සතුව ඇති මුදල් සම්භාරයෙන් නම් නොව ඔහු සතු ගුණ ධර්මයන් හා මිනිසත් ක්‍රියාවන්ගෙන්. එහෙනම් මේ තමයි ලොව කිසිවෙකුට නොදෙවෙනි උතුම් පොහොසත්ම පොහොසත් ජනපතිවරයා (නදී)
මම කැමතියි එහේ ඉන්න (නදී)
මේ වගේ කෙනෙකුගෙන් ආදර්ශයක් ගන්නත් පිනක් තියෙන්න ඕන. (හේ)
මට නම් සිතෙන්නේ මෙතුමා ලොව දනවත්ම ජනපති. මරණ බිය නැහැනේ. අනේ හිටපු ජනපති තුමාටත් මෙම ගතිගුණ වලින් අඩක් හෝ තිබුනා නම්. ලංකාවේ දේශපාලන බල ලෝබින්ට මෙවැනි උතුම් ගති වලින් අඩක් හෝ ඇති වේවා. (නදී)
අපේ රටේ නායකයෙක් කුඹුරකට බැස්සොත් මිලියන ගණනක් යට කරන බොරු වප් මගුලක් (නදී)
ශ්‍රේෂ්ඨ ජන නායකයෙකි. මම හිස නමා ආචාර කරමි. (නදී)
අපේ රටෙත් හිටිය කිරි ටිකක් බීගන්න බැරුව අම්මගේ ඇකයේ එල්ලී ඉන්න දරුවන්ව වඩාගෙන නලවා පොඩි එකාගේ හොටු තමාගේ කර වටේ තියෙන ලේන්සුවෙන් සූරා පිසදමා වචනයෙන්ම රටේ දරුවන්ගේ බාරකාර පියෙක් වන් නායකයෙක්. (අ)