දින හයක් අඩි විසි පහක් හිම යට සිටි හමුදා සොල්දාදුවකු බේරා ගැනීමට සමත්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඔහු සිටි ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40කි. සිහිසුන්ව සිටි සෙබළා බේරාගැනීමේ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ සිටිති.

පෙබරවාරි 3 වැනිදා සියැචෙන් හි හිම පතනයකදී නායික් හනමන්තප්පා ඇතුළු සෙබළුන් 9 දෙනකු ගැඹුරු හිම පතලක සිරවූහ. කිලෝමීටරයක් පමණවන අයිස් තට්ටුවක් මීටර් 800ක් උසට ඔවුන් සිටි ස්ථානය ආක්‍රමණය කර ඇතැයි වාර්තාවේ.

එහි සිටි හනමන්තප්පා ගේ ජීවිතය බේරී ඇත. ඔහුගේ දිවි බේරාගත් ආරක්ෂක අංශ දිල්ලි හි හමුදා පර්යේෂණ හා විශේෂඥ රෝහලට ඔහු ඇතුළත් කරනු ලැබීය.

හමුදා කණ්ඩායම හිම තට්ටුවට යටවීමෙන් පසු හමුදා කඳවුරට ගුවන්විදුලි පණිවිඩයක් ලැබුණු බවත් ජීවිතාරක්ෂක සෙබළුන් එම පණිවිඩය එවූ සෙබළා සම්බන්ධයෙන් විපරම් කිරීම හේතුවෙන් හනමන්තප්පා සොයා ගැනීමට හැකිවූ බවත් ලුතිනන් ජනරාල් එස්.කේ.පටෙල් එන්ඩී ටීවී පුවත්සේවයට කියා ඇත.

siachen-avalanche_650x400_20162995